නවතම පුවත්

ආයෝජකයන්ට, මාර්ගත වීසා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ආයෝජකයින් සඳහා මාර්ගගත වීසා නිර්දේශ ක්‍රියාවලිය ආරම්භ කර තිබේ.

මේ මගින් ශ්‍රී ලංකාව වෙත ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහාත්, ව්‍යාපාරික කටයුතු කිරීම වඩාත්ම පහසු කිරීමත් හැකිවනු ඇතැයි ආයෝජක මණ්ඩලය සඳහන් කරයි.

ආයෝජකයින් අවශ්‍යතාවය මත වාර්ෂික වීසා බලපත්‍ර 7000 – 7500 ත් අතර ප්‍රමාණයක් නිකුත් කිරීමට නිර්දේශ කරයි.

ඒ සඳහා ආයෝජකයින් කිහිප වරක් ආයෝජන මණ්ඩල ප්‍රධාන කාර්‍යාලය පැමිණිය යුතු වුවත් මාර්ගගත වීසා ක්‍රමය හේතුවෙන් එම ක්‍රියාවලිය පහසු වනු ඇත.

නව ක්‍රමවේදය හඳුන්වා දීමත් සමඟ කිසිදු අයදුම්කරුවෙකුට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට පැමිණීමට අවශ්‍ය නොවන අතර සියලු කාර්යයන් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කළ හැක.

නව ක්‍රමය යටතේ වීසා වර්ග තුනක් සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දෙන අතර ඒ අනුව මෙරටට ඇතුළු වීමේ වීසා, පදිංචි වීම සඳහා වීසා සහ වීසා බලපත්‍ර දීර්ඝ කර ගැනීම මෙයට අයත්ය.

මේ තුළින් ආයෝජකයන්ට සේවකයන්ට හා යැපෙන්නන්ට යන පාර්ශවයන්ට වීසා අයදුම් කළ හැකි බවත් ආයෝජක මණ්ඩලය සඳහන් කරයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ආගමන විගමන දෙපාර්තමේන්තුව හා ආරක්ෂක අමාත්‍යාංශය එක්ව මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවා තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්