නවතම පුවත්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් ගැන , ජගත් සැසියට නව යෝජනාවක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලබන 12 වැනි දා ආරම්භවීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්ලසයේ 51 වන සැසිවාරයේදි මෙරට මානව හිමිකම් කඩවීම් හා උල්ලංඝනයවීම් හා වගවීම් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මුලිකත්වයෙන් නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම යෝජනාවට ඇමෙරිකාව , කැනඩාව ,ජර්මනිය, මැසිඩෝනියා, මලාවි ඇතුළු රටවල්ද අනුග්‍රහය දක්වන අතර එම යෝජනාව සකස් කිරීමේ කටයුවලට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී. එම් . ඒ සුමන්තිරන් මහතාද සහභාගි වී ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 46 වන සැසිවාරයේදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වු 46/1 යෝජනාවේ කාලය අවසන්වීම හේතුවෙන් නව යෝජනාවක් මෙලෙස සම්මත කිරීමට තීරණය කර ඇත.

මෙම යෝජනාවට 2012 වසරේ සිටම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වු යෝජනාවල ඇතුළත් ක්‍රියාත්මක නොවුණු කරුණු හා නිර්දේශ මෙන්ම 46/1 යෝජනාවේ සඳහන්ව ක්‍රියාත්මක නොවුණු කරුණුද ඇතුළත් කිරීමට නියමිත බව සුමන්තිරන් මහතා පවසයි.

මෙරට සිදුවු මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට සාමාජිකයන් අට දෙනකුගෙන් යුත් ආයතනයක් පත් පිහිටුවීම පිළිබඳද නව යෝජනාවට ඇතුළත් වනු ඇති බව ඒ මහතා සඳහන් කරයි.

අරගලකරුවන් සම්බන්ධයෙන් සිදුවන මානව හිමිකම් කඩකිරීම්, අත්අඩංගුවට ගැනීම්, හදිසි නීතීය ක්‍රියාත්මක කිරීම , අහෝසි කරනු ලබන තෙක් ක්‍රියාත්මක නොකරන බවට පොරොන්දුව ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත ක්‍රියාත්මක කිරීම හා එමගින් අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම හා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්චිතයින්ට යුක්තිය ඉටු නොවීම යන කරුණුද මෙවර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වන යෝජනාවට ඇතුළත් වනු ඇති බවද හෙතෙම කියයි.

තවද ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලබා ගැනීම , යුද්ධය හේතුවෙන් අතුරුදන්වුවන් වෙනුවෙන් යුක්තිය ඉටුකර ගැනීම හා වගවීම යන කරුණුද මෙම යෝජනාවට ඇතුළත් කෙරෙනු ඇති බව සුමන්තිරන් මහතා වැඩිදුරටත් පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්