නවතම පුවත්

චීනයේ 73වන ජාතික දිනය සැමරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීනයේ 73 වැනි ජාතික දිනය නිමිතිකොට ශ්‍රී ලංකා – චීන සමාජයීය හා සංස්කෘතික සහයෝගීතා සංගමයේ මූලිකත්වයෙන් , සංවිධානය කල විශේෂ උත්සවයක් පසුගිය බදාදා (28) කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී පැවැත්වින .

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගිවූ අතර මෙරට චීන තානාපති ෂී චෙන්හොන් මහතාද ප්‍රධාන ආරාධිතයෙකු ලෙස මීට එක්විය .

ශ්‍රී ලංකා චීන මිත්‍ර සංගමය , ශ්‍රී ලංකා චීන සංගමය , ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසදය හා ශ්‍රී ලංකා චීන බෞද්ධ සංගමයද මෙම උත්සවය සංවිධානය කිරීමට එක්වී සිටියේය ,

උත්සව සභාව අමතමින් මෙහිදී අදහස් දැක්වූ අගමැතිවරයා පැවසුවේ චීනය , සැමවිටම ශ්‍රී ලංකාවේ ”කල්‍යාණ මිත්‍රයෙක්” වශයෙන් කටයුතු කල බවයි . එසේම චීනය යනු සැබෑ තීරණාත්මක ගෝලීය නායකයකු බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. සෑම ජාතියකගේම සමෘද්ධිමත්භාවය සඳහා චීන නායකත්වය ඔවුන්ගේ සහාය ලබා දෙන බවද ඔහු කීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේද පැවසීය ,

”චීනය ජාත්‍යන්තර බල තුලනයේ වෙනස්කම් ඇතිකළ ගෝලීය දැවැන්තයෙක්. ඒ සඳහා ඔවුන් පදනම දමා තිබෙනවා. දේශපාලනික, සමාජ ආර්ථිකමය, දිළිඳුභාවය තුරන් කිරීම, සංස්කෘතික, විද්‍යාත්මක, තාක්ෂණික, පරිසර, පර්යේෂණ සහ අභ්‍යවකාශ ක්ෂේත්‍රයන්හි ඔවුන් දක්වන වේගවත් සහ තුලනාත්මක වර්ධනය අපගේ ඉහළම ගෞරවය දිනාගැනීමට සමත්ව තිබෙනවා. චීනය ශ්‍රී ලංකාවේ සුවිශේෂ මිත්‍රයෙක්. කල්‍යාණ මිත්‍රයෙක්. කල්‍යාණ මිත්‍රයෙක් කියන්නේ දුකේදීත් සැපේදීත් එක වගේ ඉන්න මිත්‍රයකුටයි. අපගේ මිත්‍රත්වය ශක්තිමත්ව දිගටම පවතීවා.”

මෙහිදී අදහස් දැක්වූ චීන තානාපතිවරයා පැවසුවේ , චීන ජනතාවගේ කැපවීම හා ධෛර්යය හේතුවෙන් මේ වනවිට චීනය ලොව දෙවන විශාලතම ආර්ථිකය බවට පත්ව ඇති බවයි . ශ්‍රී ලංකාව සමග තවදුරටත් මිතුදම් ශක්තිමත් කරගැනීමට චීනය සූදානම් බවද ඒ මහතා පැවසීය .

මෙහිදී චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය තේමා කරගනිමින් , ශ්‍රී ලංකා – චීන සමාජයීය හා සංස්කෘතික සහයෝගීතා සංගමය සංවිධානය කල අන්ත්ර්පාසල් චිත්‍ර තරඟයේ ජයග්‍රාහී සිසු සිසුවියන්ට ත්‍යාග පිරිනැමීමද සිදුකෙරිණ .

ඊට අගමැතිවරයා , චීන තානාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා – චීන සමාජයීය හා සංස්කෘතික සහයෝගීතා සංගමයේ සභාපති ඉන්ද්‍රානන්ද අබේසේකර මහතාද එක්විය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්