නවතම පුවත්

මේ මාසයේ උද්ධමනය පහළට

අසංක

අසංක

මේ වසරේ මුල් මාසයේ සිට අඛණ්ඩව ඉහළ ගිය බඩු මිල හෙවත් උද්ධමනය මේ මාසය වනවිට තරමක් පහත වැටී තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කළේ, කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මත මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය 2022 ඔක්තෝම්බර් මාසයේදී 66.0% ක් බවයි.

ගෙවුණු සැප්තැම්බර් මාසයේදී එය 69.8%ක්ව පැවතිණ.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ගෙවුණු සැප්තැම්බර් මාසයේ දී තිබූ ආහාර උද්ධමනය 94.9%ක් ලෙසින් පැවති අතර එය මේ මාසය වනවිට 85.6%ක් දක්වා පහළ ගොස් තිබේ.

ආහාර නොවන ඛාණ්ඩයේ භාණ්ඩ මිලද පසුගිය මාසයේ 57.6%ක්ව පැවතියේ ය. එය මේ මාසය වනවිට 56.3%ක් දක්වා අඩුවි තිබේ.

කෙසේවෙතත් ඇඟලුම්, පාවහන්, මත්පැන්, දුම්කොළ නිෂ්පාදන, සන්නිවේදන, සංස්කෘතික අංශ ආදී ක්ෂේත්‍රවල උද්ධමනය ගිය මාසයට වඩා මේ මාසයේදී ඉහළ ගොස් තිබේ.

නමුත් ප්‍රවාහනන සහ හෝටල් ක්ෂේත්‍රවලට උද්ධමනයේ අඩුවීමක් මේ මාසයේදී දක්නට හැකිවේ.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මත මනිනු ලබන උද්ධමන අනුපාත මේ වසර පුරා පැවති ආකාරය පහත දැක්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්