නවතම පුවත්

ශ්‍රී ලංකාවේ සංචාරයට උනන්දුව වැඩිවෙයි , ‘එමිරේට්ස්’ ගමන් වාර වැඩි කරයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශී‍්‍ර ලංකාවට සංචාර සඳහා ඉල්ලූම වැඩිවීම හමුවේ 2022 දෙසැම්බර් 01 වනදා සිට ඩුබායි සිට කොළඹ අතර දෛනික සෘජු ගුවන් ගමන් සංඛ්‍යාව වැඩි කරන බව එමිරේට්ස් සමාගම නිවේදනය කර තිබේ.

මේ අනුව, EK648/EK649 ලෙස අමතර ගුවන් ගමනක් ක‍්‍රියාත්මක කරන අතර ඒ සමඟ මෙම නගර දෙක අතර දෛනික ගුවන් ගමන් සංඛ්‍යාව තුනක් දක්වා වැඩි වන බවත් මෙයට සෘජු ගුවන් ගමන් දෙකක් සහ මාලදිවයිනේ අගනුවර වන මාලේ හරහා ක‍්‍රියාත්මක කරන එක් ගුවන් ගමනක් අයත් වන බව සමාගම පවසයි.

දෙසැම්බර් 16 සිට 30 දක්වා කාලයේ හැර අනිකුත් දින වලදී මෙම අමතර දෛනික ගුවන් ගමන් ඩුබායි සහ කොළඹ අතර සෘජුව ක‍්‍රියාත්මක කරන බව සමාගම සඳහන් කරයි. දෙසැම්බර් 16 සිට 30 දක්වා කාලය තුල මෙම සේවය මාලේ හරහා කොළඹට කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.

දෙසැම්බර් 01 වනදා සිට 15 වනදා දක්වා සහ දෙසැම්බර් 31 වනදා සිට 2023 මාර්තු 26 වනදා දක්වා EK648 ගුවන් සේවය පැය 16:10 ට ඩුබායි වෙතින් පිටත්වී පැය 21:55 ට කොළඹට ළඟාවේ. මාලේ හරහා දෙසැම්බර් 16 වනදා සිට 30 වනදා ක‍්‍රියාත්මක වන දිනවල මෙම ගුවන් සේවය පැය 10:30 ට ඩුබායි වෙතින් පිටත්වී පැය 14:45 ට මාලේ වෙත ළඟාවන අතර යළිත් මාලේ සිට පැය 17:15 ට පිටත්වී පැය 19:15 ට කොළඹට ළඟාවනු ඇත.

දෙසැම්බර් 01 වනදා සිට 2023 මාර්තු 26 වනදා දක්වා EK649 ගුවන් සේවය පැය 02:55 ට කොළඹින් පිටත්වී පැය 05:55 ට ඩුබායි වෙත පැමිණෙනු ඇත.

එමිරේට්ස් සමාගම 1986 වසරේදී ශ‍්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කළ අතර මේ වසරේ මුල් කාලයේදී කොළඹට ගුවන් ගමන් අරඹා 36 වන වසර සමාගම විසින් සමරන ලදී. ශ‍්‍රී ලංකාවේ සංචාරක සහ වෙළෙඳාම නැවතත් නගා සිටුවීම සඳහා එමිරේට්ස් හි කැපවීම යළිත් සහතික කිරීම වෙනුවෙන් ගුවන් සමාගම 2022 වසරේදී ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්