නවතම පුවත්

සංවර්ධන කටයුතු “PPP” ක්‍රමයට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න


ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩකටයුතු නැවැත්වීමෙන් විශාල පිරිසකගේ රැකියා අහිමි වීම හේතුවෙන් ඉදිරියේදී සංවර්ධන කටයුතු රාජ්‍ය සහ පෞද්ගලික අංශවල හවුල්කාරිත්වයෙන්(private public partnership) ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, නාගරික සංවර්ධන හා නිවාස කටයුතු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 22) පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේ දී නගර සංවර්ධන සැලසුම් සහ එම සැලසුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මන්ත්‍රීවරුන් විමසූ අවස්ථාවේ දී ය.

සංවර්ධනය වැඩසටහන් සඳහා වියදම් කිරීමට කැමති රටේ පෞද්ගලික ආයෝජකයන් සිටින බැවින් මහා භාණ්ඩාගාරයේ මුදල් යෙදවීමකින් තොරව රාජ්‍ය සහ පෞද්ගලික අංශවල හවුල්කාරිත්වයෙන් සංවර්ධන කටයුතු සිදුකළ හැකි බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම, නගර සංවර්ධනයට අදාළ සැලසුම් පිලිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ජා කළ අතර, මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ, සංවර්ධන කටයුතු සඳහා මුදල් වෙන් නොකළ ද සංවර්ධනයට අදාළ සැලසුම් වැඩි ප්‍රමාණයක් දැනටමත් අවසන් කර ඇති බවත් 2023 දී එම සියලු සැලසුම් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට හැකි බවත් ය. අදාළ සැලසුම් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවලට ඉදිරිපත්කොට ඔවුන්ගේ ද අවශ්‍යතා සැලකිල්ලට ගෙන සම්පූර්ණ කරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම්වල පෞද්ගලික ආයතන මගින් ඉදිකිරීම් කරන ලද නිවාස සංකීර්ණ ව්‍යපෘති අතරමග නවතා අත්හැර යාම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා කාරක සභාවේ අවධානයට යොමු කළේය. ඉදිකිරීම් ද්‍රව්‍ය වල මිල විශාල ලෙස ඉහළ යාම නිසා එම ඉදිකිරීම් අත්හැර ගොස් ඇති බව මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්හ. මේ හේතුවෙන් එම ව්‍යාපෘතිවල නිවාස මිලදී ගැනීමට මුදල් ගෙවීම් කර ඇති ජනතාවගෙන් තමන්ටද පැමිණිලි ලැබෙන බව නිලධාරීහු පෙන්වා දුන්හ. මෙහිදී අමාත්‍යවරයා උපදෙස් දුන්නේ, අදාළ ගිවිසුම් වල තිබෙන කොන්දේසි අනුව ඉක්මනින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙසයි.

මෙම රැස්වීම සඳහා අමාත්‍ය නසීර් අහමඩ්, රාජ්‍ය අමාත්‍යවරුන් වන තේනුක විදානගමගේ, අරුන්දික ප්‍රනාන්දු, චාමර සම්පත් දසනායක, අනුරාධ ජයරත්න, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අමාත්‍යංශ යටතේ තිබෙන ආයතනවල ඉහල නිලධාරීන් එක්ව සිටියහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්