නවතම පුවත්

ජනතාවගේ විශ්වාසය කාටද? – සමීක්ෂණයකින් හෙළිවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආර්ථික ප්‍රතිසංස්කරණ මෙහෙයවීම සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ වැඩිම විශ්වාසයක් දිනා ඇති පුද්ගලයා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බවත් ඔහුට සියයට 56.6ක විශ්වාසයක් හිමිව ඇති බවත් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාව පෙන්වා දී තිබේ. එහි දෙවැනි ස්ථානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිව ඇති අතර ඔහුට හිමිව ඇති විශ්වාසය ප්‍රතිශතයක් ලෙස සියයට 44.5 කි.

එසේම අවස්ථාවක් ලැබුනහොත් සමස්තයක් ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 56.8 ක් වෙනත් රටකට සංක්‍රමණය වීමට කැමති බවත් ඉන් බහුතරය වයස අවුරුදු 18-29 ත් අතර තරුණයන් බවත් එම වාර්තාවේ දැක්වේ.

වයස් කාණ්ඩ ලෙස ගත් විට වයස අවුරුදු 18-29 ත් අතර ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 77.2 අවස්ථාවක් ලැබුණහොත් වෙනත් රටකට සංක්‍රමණය වීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර වයස අවුරුදු 30 ට වැඩි ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 45.4 ක් අවස්ථාවක් ලැබුණහොත් වෙනත් රටකට සංක්‍රමණය වීමට කැමැත්ත ප්‍රකාශ කළ බව එම වාර්තාවේ දැක්වේ.

එසේම මෙම වාර්තාවට අනුව රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට තීරණය කිරීම ශ්‍රී ලාංකිකයන් සියයට 60.5 අනුමත කර ඇති අතර ඉන් බහුතරයද වයස අවුරුදු 18-29 ත් අතර තරුණයන් වේ.

තවද මෙම වාර්තාවට අනුව මීට වසරකට පෙර තිබූ ආර්ථික තත්ත්වයට වඩා දැන් තිබෙන ආර්ථික තත්ත්වය නරක බව ශ්‍රී ලාංකිකයන් සියයට 79.1 ක් පිළිගෙන ඇත.

මෙම සමීක්ෂණය සඳහා නියැඳි 1000 ක් ගෙන ඇති අතර ඔක්තෝබර් 21 සිට 31 දක්වා මෙම සමීක්ෂණය සිදු කර ඇත.

IMF
IMF වෙතින් කරුණු 16ක ක්‍රියාකාරී සැලැස්මක් !
image-27
ලොව ප්‍රථම රථ වාහන ප්‍රවාහන LNG නෞකාව හම්බන්තොටට!
image-24
බානගල උපතිස්ස නා හිමියෝ තයිලන්තයේ පිඬුසිඟා වඩිති.
image-23
නුවරඑළියටම ප්‍රදීපයක් වූ  රේණුකා හේරත් 
production & services1
පෙබරවාරියේ මෙරට නිෂ්පාදන හා සේවා ඉහළට
small-dog-biting
වැඩිම ජලභීතිකා මරණ ගම්පහින් වාර්තා වෙයි
image-22
IIHSආයතනය ‘අපි පිළිගැනීමෙන් ඉහළයි’ තේමාව දියත් කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් කරයි
image-21
මනෝ විද්‍යාව, පෝෂණවේදය හා සම-සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ පාඨමාලා රැසක්IIHSවෙතින්
image-20
සිසුන්ට අධ්‍යාපන ණය පහසුකම් සැපයීමට IIHSසහ DFCC බැංකුව එක් වේ
image-19
වියතුන් තැනූ "මෝඩ බැම්ම"ක් නිසා දුක්විඳින මාතර මිනිස්සු