නවතම පුවත්

7 වැනි විධායක ජනපති තෝරන ඡන්ද විමසීම ඇරඹේ

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයාව තෝරාපත්කර ගැනීම වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයින් පිරිසක් සහභාගිවන මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද (16) පැවැත්වේ.

ඒ ඡන්ද මධ්‍යස්ථාන 12845 කදී ය.

මෙවර ජනාධිපතිවරණයේ ජනාධිපතිධුර අපේක්ෂකයින් 35 දෙනෙක් තරග කරනු ඇත.

මෙවර ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින්නේ 2018 වසරේ ඡන්ද හිමිකම් නාම ලේඛනයේ ලියාපදිංචිව සිටින ඡන්ද දායකයන්ට පමණි.

ඒ අනුව එක්කෝටි පනස්නව ලක්ෂ අනූ දෙදහස් අනූහය දෙනෙක් ( 15992096) ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.

2015 ජනාධිපතිවරණයේ ඡන්ද දායකයන්ට වඩා මෙවර අලුතින් එක්වන ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව නව ලක්ෂ හතලිස්හත්දහස් හයසිය හයකි.

මෙරට මැතිවරණ ඉතිහාසයේ වැඩිම ඡන්ද මධ්‍යස්ථාන ප්‍රමාණය සංක්‍යාව ද මෙවර ස්ථාපනය කෙරෙන අතර 2015 ජනාධිපතිවරණයේදී පැවැති ඡන්ද මධ්‍යස්ථාන වලට වඩා මෙවර ඡන්ද මධ්‍යස්ථාන 531 ක වැඩිවීමක් දක්නට ඇත.

පෙරවරු 7.00 ට ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින්ට අවස්ථාව ලැබේ.

මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය පැයකින් දීර්ඝ කර ඇති බැවින් ඡන්ද විමසීම පස්වරු 5.00 දක්වා පැවැත්වෙන බව මැතිවරණ කොමිසම සදහන් කරයි.

ඡන්දය ගණන් කිරීමේ කටයුතු මධ්‍යස්ථාන 1355 කදී පැවැත්වේ.

සවස 5.00 න් පසු තැපැල් ඡන්ද ගණනය කිරීමත් සවස 6.00 න් සෙසු ඡන්ද ගණනය කිරීමේ කටයුතු ආරම්භ කෙරන බව මැතිවරණ කොමිසම සදහන් කරයි

රටපුරා මාර්ග බාධක 197ක් යොදවා ඇති අතර දැඩි ආරක්ෂාවක් ඡන්ද මධ්‍යස්ථාන වෙත යොදා ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා