71 වැනි නිදහස් සමරුව ඇරඹේ

Picture of අසංක

අසංක

අදට යෙදී තිබෙන 71 වැනි ශ‍්‍රී ලංකා නිදහස් දින සමරුව අති උත්කර්ශ්වත් අන්දමින් ගාලු මුවදොර පිටියේ දී මීට ටික වේලාවකට පෙර ආරම්භ විය.

පොලිස් අශ්වාරෝහක රථ පෙළ පෙරටු කොටගනිමින් පැමිණි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රධාන පීඨිකාව වෙත පිළිගනු ලැබුවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ස්වදේශීය කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසිනි.

සම්ප‍්‍රදායානුකූලව ජාතික ගීය ගයමින් ආරම්භ කරන ලද නිදහස් දින සමරුව ති‍්‍රවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය, විදේශීය නියෝජිතයන්, විශේෂ ආරාධිත අමුත්තන් සියල්ලන්ගේම සහභාගිත්වයෙන් දැන් පැවැත්වේ.

අද දිනයේදී මෙරට හමුදා විසින් වැඩිදියුණු කරන ලද විශේෂ හමුදා අවි කිහිපයක් හදුන්වාදීමද විශේෂත්වයකි.

ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි