නවතම පුවත්

සමාජ මාධ්‍ය හරහා ශ්‍රී ලංකාවට කෝටි හතක් වටිනා ප්‍රචාරණයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2023 වසරේ හොඳම නිවර්තන කලාපීය සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා,ලොව ප්‍රධානම පෙලේ , සංචාරක මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් 18 දෙනෙකු මෙරට, විශේෂ මාධ්‍ය චාරිකාවකට එක්කරගැනීමට සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය යටතේ වන ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පියවර ගෙන ඇත .

ඇමෙරිකාව , ඔස්ට්‍රේලියාව ,ප්‍රංශය , ඉතාලිය , එංගලන්තය , රුසියාව , නෙදර්ලන්තය , ස්පාන්ඥය , ඉන්දුනීසියාව හා ඉන්දියාව යන රටවලට අයත් මෙම මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිස ,කොළඹ , සීතාවක , මහනුවර , නුවර එලිය , ඇල්ල , උඩවලවේ , යාල හා දකුණු වෙරළ තීරය ඇතුළු ප්‍රදේශ රැසක දින දහයක් පුරා චාරිකා කරනු ඇත .

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය , මෙම වසරේ මෙරටට ගෙන්වාගත් විශාලතම , සංචාරක මාධ්‍යවේදී හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරී කණ්ඩායම මෙය වන අතර මෙරට සම්භන්ධව ඔවුන් නිර්මාණය කරන සමාජ මාධ්‍ය අන්තර්ගතයන් හරහා , මිලියන 5.5කට අධික ගෝලීය ප්‍රේක්‍ෂක පිරිසක් වෙත ලඟාවිය හැකිවනු ඇති බවට කාර්යාංශය විශ්වාසය පළකරයි .

එමගින් මෙරටට ලැබෙන ප්‍රචාරණයේ මූල්‍යමය වටිනාකම රුපියල් කෝටි හත ඉක්මවා (රු. 71,541,650.00) යනු ඇති බවද අධිකාරිය සඳහන් කර සිටී .

එසේම මෙම මාධ්‍ය කණ්ඩායම ඉන්ස්ටග්රෑම් , වෙබ් අඩෙවි , බ්ලොග් , ෆේස් බුක් , ටික් ටොක් , ට්විටර් යන සියලු සමාජ මාධ්‍ය ප්ලැට්ෆෝමයන් භාවිතා කරමින් ශ්‍රී ලංකාව සඳහා පුළුල් ප්‍රචාරණයක් ලබාදෙන බ්ලොග් රචනා , හා සමාජ මාධ්‍ය අන්තර්ගතයන් නිර්මාණය කරනු ඇති බවටද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විශ්වාසය පළකරයි .

විශේෂයෙන්ම 2023 වසරේ සංචාරය කිරීමට ඉතාමත් සුදුසු හා වඩාත් ආරක්‍ෂාකාරී රටක් ලෙස ශ්‍රී ලංකාව හුවා දක්වමින් මෙම මාධ්‍යවේදීන් තම සමාජ මාධ්‍ය අන්තර්ගතයන් නිර්මාණය කරනු ඇති බවත් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද මුණසිංහ මහතා පවසයි .

ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ හා ජනප්‍රිය සංචාරක ආකර්ෂණයන් මෙන්ම දැනට ජනප්‍රියවෙමින් පවතින සංචාරක ආකර්ෂණ හා ගමනාන්ත වෙතද මෙම ජාත්‍යන්තර මාධ්‍ය කණ්ඩායමේ අවධානය යොමුකරවීමට , මෙම චාරිකාව තුලදී කටයුතු කරන බවත් මුණසිංහ මහතා පැවසීය .

ශ්‍රී ලංකාවට පැමිණි මෙම කණ්ඩායමේ සාමාජිකයෙකු වන රුසියානු ජාතික මව්ලොනසරව් ඇලෙක්සිස් , ඉතා සුප්‍රසිද්ධ සාමජා මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු මෙන්ම ජායාරූප ශිල්පියෙකි , ඔහුගේ ඉන්ස්ටග්රෑම් ගිණුමේ පමණක් ලක්‍ෂ හතරකට අධික පිරිසක් එක්ව සිටී . මෙම සංචාරය පිළිබඳව ඔහු තම අදහස් දක්වමින් පැවසුවේ මෙවැන්නකි ,

” ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර සිටම , මෙරට සුන්දරත්වය ගැන මෙන්ම ශ්‍රී ලාංකිකයින්ගේ ආගන්තුක සත්කාර ගැනත් ඉතා යහපත් දේ මා අසා තිබුනා . ශ්‍රී ලංකාවට පැමිණිය පසුව මෙරට ගනතිබු පැහැදීම තවත් වැඩිවුනා . ශ්‍රී ලංකාව ඉතාමත් සුන්දර පිරිසිදු රටක්. ආසියාවේ රටවල් රාශියකට මා සංචාරය කර තිබෙනවා . නමුත් ශ්‍රී ලංකාව තරම් සංචාරයට සුදුසු , ආකර්ශනීය රටක් ආසියාව තුල තවත් නොමැති බව මගේ පුද්ගලික අදහසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන සුභදායී නොවන කරුණු කිහිපයක් , මාධ්‍ය හරහා මෑතකදී අසන්නට ලැබුනා , නමුත් රුසියානුවන් ලෙස අප එවැනි මාධ්‍ය වාර්තා ගැන වැඩිය කලබල වන්නේ නැහැ. විදෙස් සංචාරකයෙකුට ඉතාමත් හොඳ නිවාඩුවක් ගත කිරීම සඳහා අවශ්‍ය සෑම දේම පමණටත් වැඩියෙන් ශ්‍රී ලංකාව තුල තිබෙනවා . ඒ ගැන දැන් මට වඩාත් පැහැදිලිවී අවසන් . ඉදිරියේදී රුසියානු සංචාරකයින් විශාල වශයෙන් මෙරටට පැමිණෙනු ඇති බව මගේ විශ්වාසයයි . ඒ සඳහා මගේ සාමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රචාරණයක් මෙරට පිළිබඳව ලබාදීමට මම කටයුතු කරනවා .”

ඉතාලියේ ඉතා සුප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක හා සංචාරක මාධ්‍යවේදිනියක වන ඇනා පර්නීස්ද මෙහිදී අදහස් දැක්වීය . ඇයගේ බ්ලොග් රචනා සඳහා 50000 කට අධික පාඨක පිරිසක් සිටින අතර පින්ටරෙස්ට් හා ඉන්ස්ටග්රෑම් ගිනුම්වලද ලක්ෂ දෙකකට අධික පිරිසක් ඇත . ඇය ශ්‍රී ලංකා සංචාරය ගැන පැවසුවේ මෙවැන්නකි.

මේ මගේ පළමු ලංකා සංචාරයයි. ඉතාලියේ ඇතැම් ප්‍රදේශවල බොහෝ දෙනා ශ්‍රී ලංකාව ගැන දන්නවා . නමුත් ඇතැම් ප්‍රදේශවල පිරිස් ලංකාව ගැන එතරම්ම දැනුමක් නැහැ . ලංකාවට ආවම තමයි , මෙය කෙතරම් සුන්දර රටක්ද යන්න තේරුම් ගියේ . මෙහි මිනිසුන් හරිම ප්‍රියමනාපයි . සුහදශීලියි .

මම ශ්‍රී ලාංකික විලාසිතා ගැන මෙන්ම ආහාර පාන ගැනත් උනන්දුයි . ඒ ගැන මගේ වෙබ් අඩවි හා අනෙකුත් සමාජ ජාලා අඩෙවි වෙත ලිපි සම්පාදනය කරන්න මා බලාපොරොත්තුවෙනවා . ඉතාලි ජාතිකයින් මෙවැනි සුන්දර නිදහස් තැන්වල විනෝද වෙන්න හරිම කැමතියි , අලුත් ආහාර පාන උත්සාහ කරලා බලන්නත් , ඔවුන් කැමතියි . ඒ නිසා ඔවුන්ට ශ්‍රී ලංකාව , සංචාරක ගමනාන්තයක් විදියට හොඳටම ගැලපෙනවා .

බ්‍රිතාන්‍ය ජාතික ඩේවිඩ් බ්‍රෙට්ද මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ මෙවැන්නකි .

ශ්‍රී ලංකාව , ලෝකයේ අංක එකේ සංචාරක ගමනාන්තයක් බවට පත්වීමට අවශ්‍ය සියලුම සුදුසුකම් වලින් සමන්විතයි . ඊට අවශ්‍ය ප්‍රචාරණය මගේ සමාජ මාධ්‍ය හරහා ලබාදීමට මා සූදානම් . එංගලන්ත ජාතිකයින් මෙම යුරෝපා ජාතීන්ද මේ වනවිට යම් ආර්ථික ගැටලුවලට මුහුණදෙමින් සිටිනවා . මෙවන් පසුබිමක් යටතේ යුරෝපයේ අපට සංචාරය කිරීමට සුදුසුම රට ශ්‍රී ලංකාවයි . ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම ඉතාම ලාභදායී . මෙහෙ භාණ්ඩ මිල , අහාරපානවල මිල , අපේ රටවලට සාපේක්ෂව ඉතාම අඩුයි . විශේෂයෙන්ම අපගේ මුදල් ඒකකවල වටිනාකම ශ්‍රී ලංකාවේදී ඉතා ඉහලයි . එය අපට විශාල පහසුවක්.වාසියක් . ඉතින් යුරෝපාකරයේ අප වැඩි වැඩියෙන් මෙරට සංචාරය කිරීම හරහා අපට මෙන්ම ශ්‍රී ලංකාවටත් විශාල ආර්ථික වාසි අත්වෙනවා.

ස්පාඥ්ඥයේ සිට පැමිණි ඩේවිඩ් රෝකොබර්ටිද සමාජ මාධ්යා හරහා විශාල බලපෑමක් කල හැකි කෙනෙකි . ඔහුගේ බ්ලොග් රචනාවකට ලක්‍ෂයක පමණ පාඨක පිරිසක් සිටින අතර , ඔහුගේ ඉන්ස්ටග්රෑම් ගිණුමේ ලක්‍ෂ හතරකට අධික පිරිසක් සිටී .

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉදිරියේදී විශාල වශයෙන් ඉහළයනු ඇති බව ඩේවිඩ් මෙහිදී පැවසීය .

‘ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මේ වනවිට ලොව පුරා සිටින ප්‍රධාන පෙලේ සමාජ මාධ්‍යකරුවන් සමග එක්වෙමින් දැවැන්ත ප්‍රචාරණ වැඩසටහනක් දියත් කරමින් සිටිනවා . එහි සාර්ථකත්වය අනුව ඉදිරියේදී මෙරට සංචාරක කර්මාන්තය කලාපයේ ඉහලම තැනකට එන බව විශ්වාසයි ” යනුවෙන්ද ඔහු පැවසීය .

ඇමෙරිකාවේ සිට පැමිණි කැතරීන් බෑන්ක්ස් ද සාමාජ මාධ්‍ය හරහා ඇමෙරිකානු කලාපයට පමණක් නොව යුරෝපයටද විශාල බලපෑමක් කල හැකි සමාජ මාධ්‍යවේදිනියකි .

පාරසරික සුන්දරත්වයෙන් මෙන්ම ඓතිහාසික වශයෙන්ද ශ්‍රී ලංකාව ඉතා වටිනා දිවයිනක් වන බවත් එම කරුණු අලලා සමාජ මාධ්‍ය නිර්මාණ රැසක්ම කිරීමට තමා සැලසුම් කර ඇති බවත් ඇය සඳහන් කර සිටී .

මේ වනවිට මාලදිවයින වෙත , ශ්‍රී ලංකාවට වඩා වැඩි සංචාරකයින් පිරිසක් , ඇදී යන නමුත් , ශ්‍රී ලංකාව තුල ඇති සංචාරක ආකර්ෂණයන් ප්‍රමාණයෙන් අඩක් වත් එරට නොමැති බව බෑන්ක්ස් මෙහිදී පැවසුවාය .

“මාලදිවයිනේ ඇත්තේ මුහුදු වෙරල පමණයි , නමුත් විශාල සංචාරකයින් ප්‍රමාණයක් එරටට ඇදී යනවා . ශ්‍රී ලංකාව තුලත් එවැනිම සුන්දර වෙරල තීරයන් තිබෙනවා. ඊට අමතරව තවත් සුන්දර ආකර්ෂණයන් රාශියක් ලංකාවේ තිබෙනවා . මේ තොරතුරු නිවැරදිව ප්‍රචාරණය කිරීම හරහා මාලදිවයිනට ඇදී යන විදෙස් සංචාරකයින්ට වඩා වැඩියෙන් ශ්‍රී ලංකාවට සංචාරකයින් ගෙන්වා ගැනීමට හැකියි ‘ යයිද ඇය පැවසීය .

ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි කෙටන් ජෙනින්ග්ස් ද මෙහිදී සඳහන් කලේ , ශ්‍රී ලංකාවේ සුන්දරත්වය , හා ශ්‍රී ලාංකිකයින්ගේ ආගන්තුක සත්කාරයන් හේතුවෙන් නුදුරේදීම යලි ශ්‍රී ලංකාව සංචාරක ක්ෂේත්‍රයේ ලොව ඉහලම තැනක ඇති රටක් බවට පත්වනු ඇති බවයි .

ජෙනින්ග්ස් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසුවාය ,

පසුගිය කාලයේ කොරෝනා ව්‍යයසනය ඇතුළු විවිධ අර්බුධ හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට යම් අභාග්‍ය සම්පන්න කාලයක් උදාවුනා . මෙම තත්වය ශ්‍රී ලංකාවට විතරක් නෙවේ , ලෝකයේ රටවල් රැසකටම බලපාපු දෙයක්. නමුත් අනෙක් රටවලටත් කලින් මෙම තත්වයෙන් අත්මිදෙන්න ශ්‍රී ලංකාවට හැකිවේවි යන්න මගේ විශ්වාසයයි . විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ දියුණුව හේතුවෙන් , ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉක්මනින්ම යහපත් මට්ටමකට පත්වේවි යන විශ්වාසය මට තියෙනවා .

මෙම ජාත්‍යන්තර සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හා මාධ්‍යවේදීන් වෙනුවෙන්ම ගල්කිස්ස මහ හෝටලයේ පැවති විශේෂ උත්සවයකදී ඕස්ට්‍රේලියාවේ ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක මෙන්ම මාධ්‍යවේදිනියකද වන ජූලියා ඩී ඔරසියෝ , ප්‍රවීණ සූපවෙදී අචාර්ය පබිලිස් සිල්වා මහතාගෙන් ශ්‍රී ලාංකික ඉවුම් පිහුම් විධි ගැන ගුරු හරුකම් ලබාගත් අයුරු !

ශ්‍රී ලංකාවට පැමිණි මෙම සංචාරක මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් , අති උත්කර්ෂවත් ලෙස මෙරටට පිළිගැනීම සඳහා , සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු , සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු , කළමනාකාර අධ්‍යක්ෂිකා කේ .පී පී සිරිවර්ධන , මහජන සබඳතා අධ්‍යක්ෂිකා මධුභානි පෙරේරා , සහකාර අධ්‍යක්‍ෂ චමින්ද මුණසිංහ යාම මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් උත්සව කිහිපයක්ම සංවිධානය කර තිබු අතර , සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධානීන් , හෝටල් හිමියන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවන්ට එක්විය .

#slbloggers #sosrilanka #visitsrilanka #srilanka #destinationsrilanka

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්