නවතම පුවත්

ශ්‍රී ලාංකිකයන්ගේ ක්‍රිකට් දූෂණ හෙළි කරනවා – ටෙලිග්‍රාෆ් කියයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ක්‍රිකට් තරග සහ තරගයකදී සිදුවන ක්‍රියාකාරකම් මුදලට යට කිරීම සම්බන්ධයෙන් ඉදිරි මාස දෙක ඇතුළතදී ශ්‍රී ලාංකිකයන්ට එරෙහිව තව තවත් චෝදනා එල්ල විය හැකි බව එංගලන්තයේ ටෙලිග්‍රාෆ් පුවත් පත වාර්තා කරයි. ටෙලිග්‍රාෆ් පුවත් පතේ මාධ්‍යවේදී නික් හෝල්ට් මහතා සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් මහතා අතර පැවැති සාකච්ඡාවකදී මේ බව හෙළිදරව්වී තිබේ. මේ වසරේ ජනවාරි මාසයේදී හා මැයි මාසයේදී මෙම වාර්තා පල කර ඇත.

ක්‍රිකට් දූෂණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විවිධ පුද්ගලයන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා පිළිබඳව වසරකට ආසන්න කාලයක් තිස්සේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකය පරීක්‍ෂණ පවත්වයි.  මේ අතර ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්‍ෂණ මේ වසර අගභාගය දක්වාම දිවෙන බවද ටෙලිග්‍රාප් වාර්තාවේ සඳහන් වේ.

දින කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පරිගණක විශ්ලේෂකයකු වූ සනත් ජයසුන්දර මහතාට එරෙහිව දූෂණ චෝදනා ගොණු කළ අන්තර්ජාතික ක්‍රිකට් සභාව පසුව ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතාට එරෙහිවද දූෂණ චෝදනා ඇතැයි කීවේය. ජයසුන්දර මහතාට චෝදනා එල්ල වූයේ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට අල්ලස් දීමට ගත් උත්සාහයක් සම්බන්ධයෙනි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති ටී-10 තරගාවලියකදී සිදුවූයේ යැයි කියන සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අවිශ්ක ගුණවර්ධන මහතාට චෝදනා නඟා ඇතත් ගුණවර්ධන මහතා එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ හිටපු පුහුණුකරුවා වැඩිදුරටත් කියා සිටින්නේ තමන්ට එරෙහිව එල්ලකරන ලද චෝදනා සම්බන්ධයෙන් අධිකරණයට යන බවයි.

එංගලන්තයේ ටෙලිග්‍රාෆ් පුවත් පත වාර්තා කල අදාල පුවත් පහලින්

https://www.telegraph.co.uk/cricket/2019/01/09/sri-lankan-players-offeredtwo-week-amnesty-report-match-fixing/

https://www.telegraph.co.uk/football/2019/05/11/sri-lanka-cricket-performance-analyst-charged-breaching-icc/

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්