නවතම පුවත්

75 වන ඉන්දීය නිදහස් දිනය මෙරටදීත් සැමරේ

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

75 වන ඉන්දීය නිදහස් දිනය 2021 අගෝස්තු 15 වන දින කොවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන් දැඩිව අනුගමනය කරමින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයන්හිදි සමරන ලදී. මෙම වසරේ නිදහස් දින සැමරුම් ප්‍රගතිගාමී සහ ස්වයං විශ්වාසී ඉන්දියාවක 75 වන වසරක් සැමරීම සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා විසින් 2021 මාර්තු මාසයේදී දියත් කරන ලද ‘අසාදි කා අම්රිත් මහෝත්සව්’ වැඩසටහනේ කොටසක් වේ.

. ප්‍රධාන උත්සවය ඉන්දීය මහ කොමසාරිස්තුමාගේ නිල නිවස වන කොළඹ ‘ඉන්දියා හවුස්’ හිදි පැවැත්විණ. මහ කොමසාරිස්තුමා ජාතික ධජය එසවීමෙන් අනතුරුව ආරක්ෂක අංශ උත්තමාචාරයන් නිරීක්ෂණය කළේය. ඉන්දීය ජනාධිපතිතුමා විසින් නිකුත් කරන ලද නිදහස් දින පණිවුඩය ද එතුමා මෙහිදී ඉදිරිපත් කළේය. මෙම උත්සවය සජීවීව විකාශය කෙරුණු අතර ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ මිතුරෝ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයෝ අන්තර්ජාලය ඔස්සේ මේ සඳහා සහභාගී වූහ.

ඉන්දීය සහ ශ්‍රී ලංකා ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් විශේෂ ආශිර්වාද පූජාවක් රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙනෙහිදි පැවැත්විණ. විශේෂයෙන්ම පිරිවෙනෙහි ඉන්දීය භික්ෂූන් වහන්සේලා නිදහස් දිනය මහත් උනන්දුවකින් සැමරූහ. නිදහස් දිනය නිමිත්තෙන් තවත් සංස්කෘතික වැඩසටහන් රැසක් අන්තර්ජාලය ඔස්සේ සංවිධානය කර තිබිණ. ඉන්දීය ඩයස්පෝරා කණ්ඩායමක් වන කොළඹ ප්‍රවාසිකයන්‍ගේ සංස්කෘතික සංගමය විසින් සංවිධානය කරන ලද ඉදිරිපත් කිරීම් සහ අරුශ්‍රී ආර්ට් තියටර් වැනි කලායතන හා එක්ව ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද ‘පවල නාට්‍ය මාලා’ නමැති නර්තනාංග එකතුව ඒ අතර විය.

ශ්‍රී ලංකා භාරත නාට්‍යම් ශිල්පීන්ගේ ගෝලීය සංගමය විසින් සංවිධානය කරන ලද ‘දියමන්ති පාලම’ නම් සුවිශේෂී වැඩසටහනක් අන්තර්ජාලය ඔස්සේ විකාශය කරන ලදී. විවිධ ඉන්දීය නර්තන ශෛලීන් සහ ප්‍රවීණ ශිල්පින් විසින් ඉදිරිපත් කරන ලද වයලින් වාදනයන් මෙම වැඩසටහනට ඇතුළත් විය.

ඉන්දීය නිදහස් දිනය නිමිත්තෙන් විලාසිතා ප්‍රදර්ශන, ආහාර පාන සැණකෙළි සහ ඉන්දීය දේශාභිමානී ගීත ගායනා තරඟ වැනි විවිධ නව්‍ය වැඩසටහන් රැසක් සමාජ මාධ්‍යයන් තුළ සංවිධානය කර තිබිණ. මෙම වැඩසටහන් සඳහා ඉතා සතුටුදායි ප්‍රතිචාරයක් හිමි වූ අතර දිවයින පුරා දහස් ගණනක් ජනතාව ඒ සඳහා සහභාගී වූහ.

6. 75 වන නිදහස් දිනය සැමරීම සඳහා මහනුවර සහකාර මහ කොමසාරිස් කාර්යාලය, යාපනය කොන්සියුලර් ජෙනරාල් කාර්යාලය සහ හම්බන්තොට කොන්සියුලර් ජෙනරාල් කාර්යාලය විසින් ද විවිධ වැඩසටහන් සංවිධානය කර තිබිණ. ගාලු කොටුව, යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය, ඉන්දියා හවුස්, ටාජ් සමුද්‍රා හෝටලය සහ කොළඹ, යාපනය, හම්බන්තොට සහ මහනුවර ඉන්දීය කොමසාරිස් කාර්යාල පරිශ්‍ර වැනි ගොඩනැගිලි රැසක් ඉන්දීය නිදහස් දිනට පෙර දින ඉන්දීය ජාතික ධජයේ වර්ණයන්ගෙන් ආලෝකමත් කර තිබිණ. මෙම සුවිශේෂී වසරේදී ‘අසාදි කා අම්රිත් මහෝත්සව්’ යටතේ විවිධ වැඩසටහන් රැසක් 2022 අගෝස්තු 15 වන දින තෙක් ශ්‍රී ලංකාව පුරා පැවැත්වෙනු ලැබේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි