නවතම පුවත්

ජපුර-ඩීකින් සරසවි මිතුදම් අලුත්වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඩීකින් විශ්ව විද්‍යාලයේ නව උපකුලපති මහාචාර්ය ඉයන් මාටින් මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අතර සුහද හමුවක් පසුගියදා ඔස්ට්‍රේලියාවේ ‌මෙල්බර්න් නුවරදී පැවැත්විණි.f
නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය ඉයන් මාටින් මහතා වැඩ භාරගැනීමත් සමග විශ්ව විද්‍යාල ද්විත්වය අතර තිබෙන සබදතා තහවුරු කරමින් අලුත් වගකීමට සුබ පැතීම සදහා මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මෙලෙස එක්ව සිටියේය.
ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ ඔස්ට්‍රේලියාවේ ඩීකින් විශ්ව විද්‍යාලය අතර පවතින අන්තර් අවබෝධතා නව මුහුණුවරකින් අලුත් කර ගැනීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ වී තිබිණි.
ආචාර්ය අනුර කුමාර සහ මහාචාර්ය පද්මලාල් මානගේ මහත්වරුන්ද ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් මෙම හමුවට එක්ව සිටියහ. ඩීකින් විශ්ව විද්‍යාලය වෙනුවෙන් නියෝජ්‍ය උප කුලපති ගැරී ස්මිත් මහතාද මෙම හමුවට එක්වීම විශේෂත්වයකි.
මෙම හමුව විශ්ව විද්‍යාල ද්විත්වයටම ඉතා වැදගත් හමුවක් වු බව සදහන්ය. ඉදිරියට ක්‍රියාත්මකවන ව්‍යාපෘති කිහිපයකක් ගැන මෙහිදි වඩා වැඩි අවධානයක් ලැබිණි.
මීට වසර කිහිපයකට පෙර විශ්ව විද්‍යාල දෙක අතර අවබෝධතා ගිවිසුමක් ආරම්භ කළේ අතුල පතිනායක ඇතුළු එරට ඩීකින් විශ්ව විද්‍යාලයේ සේවය කරන ඇදුරු මඩුල්ලක මුලිකත්වයෙනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්