ශනිල් නෙත්තිකුමාරගේ නඩුව අගෝස්තු 09 දා විභාගයට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මහ බැංකු බැදුම්කර ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අනිකා විජේසූරිය නැමති කාන්ථාවගේ සොහොයුරාට තර්ජනය කරන ලදැයි චෝදනා කරමින් ශනිල් නෙත්තිකුමාර නැමති විත්තිකරු සම්බන්ධයෙන් නීතිපතිවරයා පවරා තිබෙන නඩුව ලබන අගෝස්තු 09 වන දා කැදවීමට මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතා අද නියෝග කලේය.

තමන් වෙත ලබා දුන් වීසීඩී පට හා දුරකථන විස්තර වාර්තා අපහැදිලි බවට විත්ති පාර්ශවය කල දැනුම් දීම සලකා බැලු විනිසුරුවරයා නිවරදි වීසීඩි පට හා නිවරදි දුරකථන වාර්තා විත්ති පාර්ශවය වෙත ලබා දෙන ලෙස නීතිපතිවරයාට නියෝග කලේය.