අනතුරුදායක සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් අවාසනාවන්ත ලෙස විවිධ අනතුරුවලට භාජනය වී මියගිය පුද්ගලයින් පිළිබඳව පසුගිය කාලය තුල මෙරටින්ද අවස්ථා කිහිපයකදීම තොරතුරු වාර්තා විය.
සෙල්ෆි ජයාරූප ගැනීමේදී මියගිය බොහෝදෙනෙකු එසේ මියගොස් ඇත්තේ දියෙහි ගිලීමෙනි.
මෙම අවාසනාවන්ත තත්වය මෙරටට පමණක් සීමාවූවක් නොවේ. මේ වනවිට ලොව පුරා රටවල් වලින් මෙවැනි සිදුවීම් අපට නිතර අසන්නට ලැබේ
2011 සිට 2017 දක්පවා වූ සුගිය වසර වසර හතක් තුල ලොව පුරා පුද්ගලයින් 259 දෙනෙකුමෙසේ අනතුරුදායක සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් මරුමුවට පත්ව ඇතැයි ඇමෙරිකානු මාධ්‍ය ආයතනයක් විසින් කල සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.
2011 වසරේ දී සෙල්ෆි ඡායාරූප හා සම්බන්ධ මරණ 3ක් පමණක් වාර්තා වී ඇති නමුත් 2016 වනවිට එම සංඛ්‍යාව 98 දක්වා ඉහළ ගොස් තිබේ. 2017 වසරේ වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 93 කි.
මෙසේ මියගිය පුද්ගලයින් අතරින් වැඩිම පිරිසක් වාර්තාවන්නේ ඉන්දියාවෙන් වන බවද සමීක්වාෂණ වාර්තාවේ දැක්වේ.
