නවතම පුවත්

ප්‍රහාරයෙන් කඩාවැටුණු සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්

අසංක

අසංක

ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව පසුගිය අගෝස්තු මාසයේදී සියයට 24කින් ඉහල ගොස් ඇති බවත් ඒ අතරින්ද වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන බවද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සඳහන් කර සිටී .

පසුගිය ජුලි මාසයේදී මෙරටට පැමිණි වෙදෙස් සංචාරකයින් සංඛ්‍යාව 115701 ක්වූ අතර එය අගෝස්තු මාසයේදී 143587 ක් දක්වා වර්ධනය වූ බවත් ප්‍රතිශතයක් ලෙස එය සියයට 24 ක වර්ධනයක් වන බවත් අධිකාරිය සඳහන් කර සිටී

2019 අගෝස්තු මාසයේ දී පැමිණි සංචාරකයින්ගෙන් 1/4 ක්ම ඉන්දියානුවන් වන අතර සංඛ්‍යාත්මකව 37,568 කි. එසේම මෙම ප්‍රමාණය 2018 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි 32,115 ක්වූ ඉන්දියානුවන් සංඛ්‍යාවට වඩා 17%ක වර්ධනයකි.

අගෝස්තු මාසයේ දී පැමිණි සමස්ත සංචාරකයින් ප්‍රමාණයෙන් 51%ක් ආසියා ශාන්තිකර කලාපයේ රටවලින් මෙරටට පැමිණ ඇති අතර යුරෝපාකරයෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය 38%ක් ලෙසින් සටහන් වේ.

සංචාරකයන්ගේ පැමිණීම රටවල් වශයෙන්

පාස්කු ප්‍රහාරයෙන් පසුව විදෙස් සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වූ ආකාරය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්