මරණයට පත්වු පසු දේහය දැවයෙන් තැනු පෙට්ටියක , එනම් මිනී පෙට්ටියක දමා ආදාහනය කිරීම හෝ වැළලීම , බොහෝ කාලයක සිට මෙරට පමණක් නොව ලොව පුරාම පැවති , එසේම දැනටත් පවතින සම්ප්‍රදායවේ.
නමුත් මේ වනවිට මෙම සම්ප්‍රදාය කණපිට පෙරලමින් අලුත්ම සංකල්පයක් ලොවට හඳුන්වාදීමට ඉතාලිය සමත්ව ඇත. එනම් කෙනෙකු මියගිය විට ඔහුගේ හෝ ඇයගේ දේහය ශාකයකට පෝෂණය දෙන බීජයක් බවට පත්කිරීමේ අපූරු සංකල්පයයි.
මෙම සුවිශේෂී සංකල්පයේ , අදහසේ නිර්මාතෘවරුන් වන්නේ ඉතාලියේ නිර්මාණකරුවන් දෙදෙනෙකු වන ඇනා සිටෙල්ලි හා රාවුල් බ්රෙට්සෙල් ය . මොවුන් දෙදෙනා මෙම ව්‍යාපෘතිය නම් කර ඇත්තේ ” කැප්සුලා මොන්ඩි” යන නමිනි . කාබනික හා ජෛව හායනයට ලක්වන බිත්තරයක් වැනි කැප්සිිියුලයක් , මිනී පෙට්ටියක් ලෙස භාවිතා කිරීම මෙම සංකල්පයේ පදනම වේ.
එලෙස සලකා බැලු විට මෙය සම්පූර්ණයෙන්ම ස්වාභාවික මිනීපෙට්ටියකි . මේ වනවිට මෙම කාබනික හා ස්වාභාවික සංකල්පය යුරෝපය පුරාම ප්‍රචලිතවෙමින් ඇත.
මෙම සංකල්පයට අනුව සොහොන් කොත් වලින් පිරිණු සොහොන් භූමි ගොඩනැංවීම වෙනුවට , මියගිය අයගේ දේහය , ඔහු විසින්ම හෝ සමීපතමයින් විසින් තෝරාගන්න ශාකයකට පෝෂණය සපයන බීජයක් ලෙස කප්සියුලයක තැනපත් කරයි.
එම කප්සියුලය පොළවේ වළලන අතර ඊට ඉහලින් අදාළ ශාකය කප්සියුලයට සම්භන්ධ වන ලෙස පැල කරනු ලැබේ . එසේත් නැතිනම් කප්සියුලය මත ශාකය තැන්පත් කිරීම සිදුකෙරේ.
එවිට ශාඛය ප්‍රධාන ලෙසම පෝෂණය උරාගන්නේ එම කාබනික කප්සියුලය මගින් වන අතර කප්සියුලය පස තුල තැන්පත් කරන්නේද සාමාන්‍යයෙන් බීජයක් තැන්පත් කරන ආකාරයෙනි.
මෙම කප්සියුලය සකසන්නේ පිෂ්ඨය මිශ්‍ර ප්ලාස්ටික්වලට සමාන ද්‍රව්‍යයකිනි මෙම ශාක රැසක් එකට එක්කර , සොහොන් භූමියක් වෙනුවට “අනුස්මරණ වනාන්තරයක් ” බිහිකිරීමේ අවස්තාව උදාවේ. කෙසේ වෙතත් මෙම සංකල්පය තවමත් ඇත්තේ ආරම්භක හා පරීක්ෂණ මට්ටමකය .
නමුත් මෙම සංකල්පය විධිමත් ලෙස ක්‍රියාත්මක වීම ආරම්භ වුවහොත් , එය අප අතරින් වියෝවූ අපගේ සමීපතමයින් පිලිබඳ අප තුල ඇති දැක්මෙහි වෙනසක් ඇති කරනු ඇත.එපමණක් නොව මරණය පිළිබඳව අප තුල ඇති හැගීමද සම්පූර්ණයෙන් උඩුයටි කුරු කරනු ඇත.