රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු මහතා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇප මත මුදාහැර තිබේ.
පාස්කු ඉරිදා එල්ල කෙරුණු ත්රස්ත ප්රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට එල්ල වූ චෝදනා මත මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.
කොළඹ මහාධිකරණය අද ඔහුට ඇප නියම කර තිබේ.
ඒ තමා ඇපමත මුදා හරින මෙන් ඉල්ලා ඔවුන් විසින් ඉදිරිපත් කර තිබූ ප්රතිශෝධන පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුවයි.