පෙර දැනුම් දීමකින් තොරව පෙරේදා දින පැය දෙකහමාරක් දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කිරීම සම්බන්ධව විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විදුලි බල මණ්ඩලයෙන් වාර්තාවක් කැඳවා ඇත.
විදුලි විසන්ධි කිරීමක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍යය වුව ද පෙරේදා දිනයේදී එම ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බවද දැනගන්නට ඇත.
කෙරවලපිටිය විදුලි බලාගාරයේ ජනක යන්ත්‍ර ක්‍රියාකරවීමට අවශ්‍ය ඉන්ධන නොමැති වීම හමුවේ ඇති වූ හදිසි තත්ත්වය මත එළෙස විදුලිය විසන්ධි කිරීමට සිදු වූ බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කර තිබිණ.