ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී මේ වන විට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ හතළිස් තුන්වැනි සැසිවාරයේ අද පැවැත්වෙන සැසියේ වෙන සැසියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එහි මහකොමසාරිස් මිෂෙල් බැචලෙට් මහත්මිය කරුණු දැක්වීමට නියමිතය.
ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි ගිය විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රතිචාර දැක්වීමට ද දැක්වීමට ද සැලසුම් කර තිබේ.
මානව හිමිකම් කවුන්සිලයේ 2015 වසරේ 30/1, 2017 වසරේ 34/1, 2019 මාර්තුවේ සම්මත කළ 40/1 යන යෝජනාවල සම-අනුග්‍රහකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත්වන බවට විදේශ අමාත්‍යවරයා එම කවුන්සිලයට ඊයේ නිල වශයෙන් දැනුම් දුන්නේය.
මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය සහ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා අතර හමුවක් ද හෙට පැවැත්වීමට නියමිතය.