ඉතාලියේ වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට මෙතෙක් කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට තොරතුරු වාර්තාවී නොමැති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කර සිටී.
කෙසේ වෙතත් මේ පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බවත් තානාපති කාර්යාලය අද නිවේදනය කර ඇත.
මේ අතර කොරෝනා ආසාදනය වී ඇති බවට සැකපිට රෝහල් ගත කළ ඉතාලියේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනාගේ ජීව සාම්පල වැඩිදුර විමර්ශන සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකර තිබේ.
සෙම්ප්රතිෂ්යාව ඇතුළු රෝග ලක්ෂණ හේතුවෙන් ඉතාලියේ සිට පැමිණි අදාළ පුද්ගලයින් දෙදෙනා ශ්‍රී ජයවර්ධනපුර හා රාගම රෝහල්වලට ඇතුළත් කර තිබුණි.
මේ වනවිට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට යොමු කර ඇත.