පාර්ලිමේන්තුව විසිරවූ නිසා 62කට පෙන්ෂන් අහිමි වෙයි

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාවේ 8 වැනි පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රි සිට විසුරුවා හැරීම හේතුවෙන් මන්ත්‍රිවරුන් 62නෙකුට සිය විශ්‍රාම වැටුප අහිමි වී තිබේ.

ඒ වසර 5 සපුරා නොතිබීම හේතුවෙනි.

මේ අනුව විශ්‍රාම වැටුප හිමිවන්නේ මන්ත්‍රීවරුන් 156 දෙනෙකුට පමණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ මූලික වැටුප රුපියල් 18091කි.

වසරකට විශ්‍රාම වැටුප සඳහා වසරකට වැයකෙරෙන මුදල රුපියල් කෝටි 10කි.