ලොවම වසාගත් වසංගතයට ගොදුරුව සිටින ජනතාව හැකි පමණින් ඉන් මුදවා ගැනීමට වෙහෙසෙන මුව ආවරණ සකස් කරන කණ්ඩායමක් අතර ඊට සහභාගී වූ මේ ස්වාමීන් වහන්සේ දකින අපිට සිහියට නැගෙන්නේ බුදුරජාණන් වහන්සේ කොසොල් මහ රජතුමා අරභයා කළ දේශනාවකි.
ධම්මපදයේ සුඛ වග්ගයේ එන එම ගාථාවෙන් කියැවෙන්නේ උසස්ම ලාභය ලෙස රෝග නැති කම බවත් ඉහළම ධනය සතුට බවත්, ඉහළම ඥාතියා විශ්වාසය බවත්, ඉහළම සැපය නිවන බවත් ය.
ආරෝග්‍යා පරමා ලාභා
සන්තුට්ඨි පරමං ධනං
විස්සාස පරමා ඤාති
නිබ්බානං පරමං සුඛං
ඡායාරූපය :- සමාජ ජාලයෙන් උපුටා ගත්තකි.