නවතම පුවත්

ලෝක ව්‍යසනවලදී ශ්‍රී ලංකාව ආරක්ෂිතම තැනක් ලෙස නම් කෙරේ

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න


ලෝකයටම බලපාන හදිසි ව්‍යසන තත්වයකදී හෝ වසංගත තත්වයකදී , මිනිසාට ලොව වඩාත්ම ආරක්‍ෂිත ස්ථාන විස්ස අතරට ශ්‍රී ලංකාවද නම්කිරීමට ජාත්‍යන්තර විද්‍යාඥයින් කණ්ඩායමක් පියවර ගෙන ඇත.

බ්‍රිතාන්‍ය , නවසීලන්තය ඇතුළු රටවල් කිහිපයක විද්‍යාඥයින් පිරිසක් එක්ව වසර ගණනාවක සිට කරන ලද සමීක්ෂණ හා විමර්ශන කිහිපයක ප්‍රතිඵල සහිත පර්යේෂණ පත්‍රිකාවක මෙම කරුණු අන්තර්ගතව ඇති අතර , මේ වනවිට මෙය ජාත්‍යන්තර මාධ්‍ය රැසකම විශේෂ අවධානය දිනාගැනීමට සමත්ව ඇත.

ලෝකයටම බලපාන ව්‍යයසන තත්වයකදී ආරක්ෂා වීමට මෙන්ම එවැනි ව්‍යසනයකින් පසු යලි ජනාවාස ගොඩනැගීමටත් , යලි මානව ශිෂ්ඨාචාරය ශක්තිමත්ව ගොඩනැගීමටත් සුදුසු ප්‍රදේශයන් විස්සක් මෙසේ එම පර්යේෂණ වාර්තාවට ඇතුලත් කල බව අදාළ විද්‍යාඥයින් කණ්ඩායම ප්‍රකාශ කර ඇත .

ලෝකයේ අනෙකුත් ගොඩබිම් ප්‍රදේශ හා සම්භන්ධව නොතිබීම , ස්වභාවික සම්පත් වලින් අනූන වීම , භූගෝලීය පිහිටීම , දේශපාලන ස්ථාවරත්වය , නිෂ්පාදන ශක්තිය , තාක්ෂණික හා විද්‍යාත්මක දැනුම ආදී කරුණු රැසක්‌ අවධානයට ලක්කරමින් ,ඊට අදාළ ලකුණු ලකුණු ලබාදීමේ පටිපාටියක් අනුගමනය කරමින් මෙම ලැයිස්තුව සකස් කර ඇති බවද සඳහන්ය .

ඉහත ලකුණු ලබාදීමේ ක්‍රමය යටතේ සියලු සුදුසුකම් සහිතව ලයිස්තුවේ ඉහලින්ම දක්වා ඇත්තේ ඔස්ට්‍රේලියාව වන අතර නවසීලන්තය හා අයිස්ලන්තය පිලිවෙලින් දෙක හා තුන යන ස්ථානවලට නම් කර ඇත. කෙසේ වෙතත් ඊට අමතරව ආර්ථික වශයෙන් ඉහල රටක් ලෙස මෙම ලැයිස්තුවට ඇතුලත්ව ඇති අනෙක් එකම රට වන්නේ ජපානයයි . සෙසු රටවල් දහසයම දූපත් රාජ්‍යයන් වුවද ඒවා ආර්ථික අතින් ඉහල රටවල් නොවීම විශේෂත්වයකි,

තාක්ෂණික දැනුම හා දල දේශීය නිෂ්පාදනය අතින් යම් පහල මට්ටමක සිටියද , අනෙකුත් බොහෝ සුදුසුකම් සපුරා තිබීම නිසා ශ්‍රී ලංකාව ද ඇතුළු දියුනුවෙමින් පවතින එම දූපත් රටවල් එම ලැයිස්තුවට එක්කල බව මෙම විද්‍යාඥ කණ්ඩායමේ ප්‍රකාශකයකු මාධ්‍ය වෙත සඳහන් කර ඇත. ශ්‍රී ලංකා මෙම ලයිස්තුවේ එසේත් නැතිනම් ශ්‍රේණිගත කිරීමේ 15 වන ස්ථානයේ රැදී ඇත.

එසේම තාක්ෂනය හා නිෂ්පාදන ක්‍රියාවලිය ඉහල නැංවීමට කටයුතු කළහොත් එම රටවල් වලටද මෙම ලයිස්තුවේ ඉහලටම පැමිණීමේ හැකියාව ඇති බවද ඔහු සඳහන් කර ඇත.

විශේෂයෙන්ම යලි ශිෂ්ඨාචාරය ගොඩනැගීම කෙසේ වෙතත් වෛරස ව්‍යාප්තියක් වැනි ව්‍යසනයකදී මිනිස‍ට ආරක්ෂිතවම සිටියහැකි ස්ථානවන්නේ මෙම ලයිස්තුවේ දක්වා ඇති දූපත් රාජ්‍ය විස්ස බවද ඔහු ජාත්‍යන්තර මාධ්‍ය වෙත අවධාරණය කර ඇත.

ඇමෙරිකාව , බ්‍රිතාන්‍ය මෙන්ම චීනය හෝ කොරියාවද මෙම ලැයිස්තුවට එක්වී නොතිබීම විශේෂත්වයකි .

“The Sun” වෙබ් අඩවිය ඇසුරෙන්

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි