නවතම පුවත්

එකම නැකතට ලොවට ආශිර්වාද කරමු

අසංක

අසංක

 

ධර්ම ශ්‍රි තිලකවර්ධන

අවුරුදු නැකතේදි පුණ්‍ය කාලය ඇරඹෙන අවස්ථාවෙිදි සියළු විහාරස්ථානවලින් එකම වේලාවක සමාජජාලා මාධ්‍ය ඔස්සේ පිරිත් දේශනාවක් කර තම දායක පිරිස්වලට ආශිර්වාද කිරිමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරිම ඉතා කාලෝචිත පියවරක් යැයි එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක,ස්කොට්ලන්තයේ බෞද්ධ විහාරාධිපති ,කඹුරාවල රේවත නාහිමියෝ ‘ද කළම්බො එක්ස්ප්‍රස්’ ‌වෙත පැවසුහ.

එලෙස එකම ⁣වේලාවක දහස් ගණන් පිරිස් යහපත් සිතිවිලි විශ්වයට මුදාහැරිම තුළින් සමාජයට අනිවාර්යයෙන්ම යහපතක් සිදුවන බවද රේවත නාහිමියෝ පෙන්වා දෙති.

මේ දිනවල මුළු සමාජයම යම්කිසි බියකින් පසුවෙනවා.ඒනිසා අවුරුදු සැමරිමේදි එය බුද්ධිමත්ව අප කළ යුතුයි.බෞද්ධයන් වශයෙන් අපි හේතුළුල දහමක් පිළිපදින පිරිසක්.එසේම අනිත්‍ය හෙවත් වෙනස්විම දන්නා සමාජයක් .අද සමාජය වෙනස් වෙලා .ඒ වෙනස වෙනස් විදියට අත්දකින්න හුරුවිය යුතුයි.ඒ නිසා පරණ පුරුදු වලින් ඈත්වි වෙනස්වු ක්‍රියාදාමයකට සුදානම් වියයුතුයි.
නිවෙස්වලට වි චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරන අතරේ සාමුහිකව අපි එක දෙයක්කිරිම වැදගත් වෙනවා.මෙවර පුණ්‍ය කාලය යෙදෙන්නේ 13 වෙනිදා සවස 1.59 ට.ඒ පුණ්‍යකාලය ඇරඹෙන වෙලාවට සෑම විහාරස්ථානයකදිම පන්සිල් දි පිරිත් දේශනාවක් කර ආශිර්වාද කිරිම වටිනවා.අද හැම කෙනෙක්ම නවින තාක්ෂණය භාවිතා කරනවා.පන්සල්වලත් ඒ තාක්ෂණය තියෙනවා.ඒ නිසා ඒ පිරිත් දේශනාව මුහුණු පොත හරහා තම දායකයන් වෙත මුදා හැරිමට පන්සල්වලට පුළුවන්.අපිත් එංගලන්තයේ සවස 2.00 ට ඒ ආශිර්වාද පිරිත් දෙසුම මුහුණ පොත හරහා සජිවි ලෙස මුදාහරිනවා.

අද පවතින තත්වය එක්ක කිසිවෙකුට සෞඛ්‍ය හේතුමත පන්සල්.වලට එන්න බැහැ.ඒ නිසා සුදුසුම ක්‍රියාමාර්ගය එයයි.මෙය අවුරුද්දට පන්සලෙන් දෙන හොඳ අවුරුදු තෑග්ගක් වේවි.අන්තරාය නිවාරණ පිරිත විශේෂයෙන් දේශනා කිරිම වටිනවා.ජාතියක් හැටියට එකම වෙලාවක කරන මෙම ආශිර්වාදය තුළින් මුළු රටටම පමණක් නොව ලොවටම ආශිර්වාදයක් වේවි. යැයි කඹුරාවල රේවත නාහිමියෝ වැඩිදුරටත් පැවසුහ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි