කොරෝනා ගැන ජනයා කැළඹෙන ප්‍රකාශයක් කළ රාජිතගෙන් ප්‍රශ්න කරයි

Picture of අසංක

අසංක

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමති රාජිත සේනාරත්න මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය අද (28) මීගමුව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශේධන මධ්‍යස්ථානයේදී ප්‍රශ්න කර තිබේ.

ඒ කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් ජනතාව කැළඹෙන ආකාරයේ අසත්‍ය ප්‍රකාශයක් මාධ්‍ය හමුවකදී පැවසීමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාලව ය.

මාර්තු 17 වෙනිදා රාජකීය- තෝමස් මහා ක්‍රිකට් තරගය නැරඹිමට පැමිණි 25 දෙනෙකුට කොවිඩ් 19 වැලදී ඇතැයි රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශයක් එම ප්‍රශ්න කිරීමට මුල් වී ඇත.

හිටපු ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාද කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය ගැන කළ ප්‍රකාශයතක් සම්බන්දයෙන් ප්‍රශ්න කිරීමට හෙට (28) කොළඹ අපරාධ කොට්ඨාශය හමුවට කැදවා තිබේ.