සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ හිටපු සාමාජිකයන් 99 දෙනෙකුට පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමේ යෝජනාව එහි කෘත්‍යාධිකාරී මණ්ඩලය අද අනුමත කර තිබේ .
ඒ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය පක්ෂයෙන් ඉදිරි මහ මැතිවරණය සදහා නාම යෝජනා අත්සන් කළ සාමාජිකයන් ය.
එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් වෙනත් පක්ෂයකින් මහ මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා අත යෝජනා අත්සන් තැබූ සාමාජිකයන් සිය පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කරන බවට එහි මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මීට පෙර නිවේදනයක් නිකුත් කර තිබුණි.
එම නිවේදනයේ සඳහන් වී තිබුණේ පක්ෂ ව්‍යවස්ථා උල්ලංඝනය කළ පුද්ගලයන්ගේ සාමාජිකත්වය ඉවත් කිරීමේ අවශ්‍යතාව පක්ෂ නායකත්වයට අවශ්‍ය වී තිබූ බවයි .