නවතම පුවත්

සෑම පාසලකම ගිලන් කාමරයක් අනිවාර්යය කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාසල් යලි ආරම්භ කෙරෙන විට ඒ සෑම පාසලකම ගිලන් කාමරයක් සකස් කර තිබිය යුතු බව අධ්‍යාපන

අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට දන්වා යවා ඇත.

පාසලේ දී හදිසියේ දරුවකු රෝගී වූ අවස්ථාවක වෛද්‍ය ප‍්‍රතිකාර සදහා යොමු කරන තෙක් රදවා තබාගැනීමට

මෙම කාමරය යොදා ගත යුතු බවත් මෙහිදී අමාත්‍යාංශය දන්වා ඇත.

මිශ‍්‍ර පාසල්වල ගැහැණු හා පිරිමි ළමුන්ට වෙන වෙනම කාමර තිබිය යුතු බවටත් අමාත්‍යංශය උපදෙස් දී ඇත..

ගිලන් කාමරය මනාලෙස ආලෝකය හා වාතාශ‍්‍රය පවතින, අත් සේදීමේ පහසුකම් සබන් යනාදිය ඇති, ඇදක්

බීමට සුදුසු ජලය හා ප‍්‍රථමාධාර පෙට්ටියක් මෙන්ම දොරක් හෝ අන්අයගෙන් වෙන් කිරීමේ තිරයක් සහිත කාමරයක් විය යුතු

බවට ද මෙහිදී උපදෙස් ලබාදී ඇත.

කෙසේ වෙතත් සිසුන් 50 ට අඩු පාසල්වලට ගිලන් ඇදන් එකක් ද, 50 සිට 500 දක්වා සිසුන් සිටින පාසල්වලට ගිලන් ඇදන් දෙකක් ද,

501 ට වඩා සිසුන් සිටින පාසල්වලට ගිලන් ඇදන් 3 ක් ද අවම වශයෙන් තිබිය යුතු බවටද අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දන්වා ඇත.

සෑම පාසලකම ගිලන් කාමර දිනපතා දෙවරක් ද රෝගියෙකු රැදී සිට පිටව ගිය වහාම ද සෝදා හැරිය යුතු බවත් එහිදී

විෂබීජ හරණය වන අන්දමින් පිරිසිදු කිරීමට වග බලාගත යුතු බවත් එම උපදෙස්වල සදහන් ව ඇත.

 

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි