හිරේ ඉදන් අපරාධ මෙහෙයවන්න උඩගෙඩි දෙන බන්ධනාගාර නිලධාරීන්ගේ නම් ලැයිස්තුවක්

Picture of අසංක

අසංක

බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්කුඩු ජාවාරම්කරුවන් සමග සම්බන්ධකම් පවත්වමින් ඔවුන්ට සහය වන බන්ධනාගාර නිලධාරීන්ගේ ලැයිස්තුවක් බුද්ධි අංශ විසින් සකස්කරමින් සිටිති.

ඉහළ බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව සකස්කරන එම ලැයිස්තුවට මේ වන විටත් බන්ධනාගාර අධිකාරී මට්ටමේ නිලධාරීන් කිහිප දෙනෙකුගේම නම් ඇතුලත් බව සදහන්ය.

සංවිධානාත්මක අපරාධ සහ මත්කුඩු ජාවාරම්කරුවන් සමග ඒ අයට ඇති සම්බන්ධකම් ගැන පවා පැහැදිලි සාක්ෂි සහිත වාර්තාවක් බුද්ධි අංශ අදාල බලධාරින්ට ඉදිරිපත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග අනාවරණය කළේය.