නවතම පුවත්

වසංගතයෙන් බේරෙන්න අයෙක් ලක්ෂ 7ක් ගෙවා මාස්ක් එකක් දාලා

අසංක

අසංක

ඉන්දියාව තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා එරට පුදගලයෙකු විසින් රන් මුහුණු ආවරණයක් සඳහා ඩොලර් 4,000 ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 7 1/2කට ආසන්න) වැයකර සකස් කරගෙන තිබේ.

එය රත්‍රන් ග්‍රෑම් 60 ක් (අවුන්ස දෙකක්) බරින් යුක්ත වන අතර එය සෑදීමට දින අටක් ගත වූ බව බටහිර පූනේ නගරයේ ව්‍යාපාරික ශංකර් කුර්හේඩ් පැවසීය.

“එය සිහින් වෙස් මුහුණක් වන අතර කුඩා සිදුරු තියෙනවා එය මට හුස්ම ගැනීමට උපකාරී වේ,” ශංකර් ඒඑෆ්පී වෙත පැවසීය.

“මෙයට මෙතරම් මුදලක් වැය කළත් කොරෝනා වෛරසයෙන් මාව ආරක්ෂා කරන්න මෙය ඵලදායී වේදැයි මට විශ්වාස නෑ. නමුත් මම වෙනත් පූර්වෝපායන් අනුගමනය කරනවා” ඔහු තවදුරටත් පැවසීය.

49 හැවිරිදි ඔහු කියා සිටියේ කිලෝග්‍රෑම් එකක් බරැති රන් ආභරණවලින් සැරසීමට තමා කැමති බවයි.

ඔහුගේ දකුණු අතේ සෑම ඇඟිල්ලකම මුදුවක් මෙන්ම වළල්ලක්, මාල පැළඳ සිටි.

කාර්මික භාණ්ඩ නිපදවන සමාගම් හිමිකරුවෙක් වන කුර්හාඩ් පැවසුවේ රන් මුහුණු ආවරණ සඳහා තමාට අදහස ලැබුණේ රිදී වලින් සාදන ලද මිනිසෙකු පිළිබඳ මාධ්‍ය වාර්තාවක් දුටු පසුව බවයි.

“මිනිස්සු දැන් මගෙන් සෙල්ෆි ඉල්ලනවා,” ඔහු පැවසීය.

“වෙළඳපොලේ රන් ආවරණ පැළඳ සිටින මා දුටු විට ඔවුන් පුදුමයට පත්ව්වවෙනවා”

වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ඉන්දියාව විසින් පොදු ස්ථානවල මුහුණු ආවරණ අනිවාර්ය කර ඇත. එරට තුළ ආසාදිතයින් 650,000 ක් පමණ තහවුරු වී ඇති අතර මරණ 18,600 කට වඩා තිබේ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි