නවතම පුවත්

අග්‍රශ්‍රාවක ධාතු වන්දනා තේවාව යළි ඇරඹේ

අසංක

අසංක

දඹදිව සාංචි පුදබිමෙන් හමු වී, වර්තමානයේ මරදාන මාළිගාකන්ද මහබෝධි අග්‍රශ්‍රාවක මහ විහාරයේ වැඩ වසන අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේලාට ඉපැරණි චාරිත්‍රානුකූලව අංගසම්පූර්ණ තේවා පූජාව පැවැත්වීම නැවත වරක් ආරම්භ කර ඇත.

ඒ අනුව මෙම දෛනික අගසව් ධාතු වන්දනා තේවාවේ ප්‍රථම පූජාව පසුගිය දා (11) උත්සවාකාරයෙන් එම විහාරයේදී පැවැත්වින.

දඹදිව සාංචි විහාරාධිපති,ජපානයේ ප්‍රධාන සංඝනායක , ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහචාර්ය ඩබ්.ඩී.ලක්ෂ්මන් මහතාගේ සහභාගිත්වයෙන් මෙම ආගමික පුන්යෝත්සවය පැවැත්වින.

මහනුවර දළදා මාළිගාවේ තේවාවට පමණක් දෙවෙනිව පූජනීයත්වයෙන් යුතු, මහවිහාර සම්ප්‍රදායට අනුකූලව පවත්වන මෙම අගසව් ධාතු වන්දනා තේවාව පසුගිය වසර 40 ට ආසන්න කාලයක් ඇනහිට තිබුණි.

බානගල උපතිස්ස නා හිමියන්ගේ අනුශාසනා පරිදි ,ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ මෙහෙයවීමෙන් මෙම අළුයම,දහවල් සහ සැන්දෑ අගසව් ධාතු තේවා පූජාවන් නැවත ආරම්භ කළ බව තේවා භාර අම්බුළුගල සුමංගල හිමියෝ පැවසූහ.මෙම අවස්ථාවට බස්නාහිර පළත් භාර ජේෂ්ඨ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා , මහබෝධි සංගමයේ ලේකම් අධිනීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා , ඇතුළු බැතිමතුන් විශාල පිරිසක් එක් වූහ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා