UAE පළමු වරට අඟහරු ගැන හොයන යානයක් අභ්‍යාවකාශගත කරයි

Picture of අසංක

අසංක

එක්සත් අරාබි එමීර් රාජ්‍ය ප්‍රථම වරට අඟහරු ග්‍රහයා පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා යානාවක් අභ්‍යාවකාශ ගත කර ඇත.

එම ගවේෂණ යානය රැගත් රොකට්ටුව ජපානයේ ටැනෙගෂිමා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යාවකාශ ගත කර ඇත .

අඟහරු ග්‍රහයා බලා කිලෝමීටර් මිලියන 500 ක චාරිකාවක නිරත එම යානය අඟහරු ග්‍රහායාගේ කාලගුණ සහ දේශගුණික තත්ත්වයන් අධ්‍යනය කිරීමට නියමිත ය.

පසුගිය සතියේ එම යානය අභ්‍යවකාශ ගත කිරීමට අවස්ථා දෙකකදී උත්සහ කළද අයහපත් කාලගුණය හේතුවෙන් එය අසාර්ථක විය.

“හෝප්” ලෙස හඳුන්වන මෙම යානය 2021 පෙබරවාරී මාසයේදී අඟහරු ග්‍රහයා වෙත ළඟා වීමට නියමිත ය.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිහිටුවීමේ 50 වන සංවත්සරයට සමගාමීව එය අභ්‍යවකාශ ගත කෙරිණි.