ගාලු අධිකරණයේ නඩුත් ජලයෙන් යටවෙයි

Picture of අසංක

අසංක

ගාලු නගරයට අද උදෑසන එකවර පතිත වූ අධික වර්ෂාපතනය හේතුවෙන් නගරයේ සියලුම මාර්ග මෙන්ම ගාල්ල කොටුවේ පිහිටි අධිකරණ සංකීර්ණයටද ජලය ගලා විත් යටවී තිබේ.

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ සමුද්‍ර මාවත, ගාල්ල වක්වැල්ල ප්‍රධාන මාර්ගයේ ස්ථාන රැසක් , ගාල්ල කරාපිටිය මාර්ගය, කළුවැල්ල ඇතුළු නගරයේ අවට මාර්ග රැසක් මෙසේ ජලයෙන් යටවී තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගය ගාල්ල පින්නදුව සහ ඉමදූව අතර මාර්ගයටද මේ වන විට පස් කන්දක් කඩා වැටී ඇති බවද වාර්තා වේ.