ගෙවී ගිය දිනයේ ඕස්ට්‍රේලියාවේ කොරෝනා මරණ ඉහළ යයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඔස්ට්‍රේලියාවේ, වික්ටෝරියා ප්‍රාන්තයේ ගෙවීගිය දිනයේදී නව කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ 25ක් වාර්තා වී ඇති අතර,

එය වසංගතය පැතිරීමෙන් පසු සිදුවූ ඉහළම දෛනික මරණ සංඛ්‍යාව බව වික්ටෝරියා සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තය ඉරිදා සිට කොවිඩ්-19 වෛරස ආසාදිත අවස්ථා 282ක් වාර්තා කර තිබුණි.

වික්ටෝරියා ප්‍රාන්තයේ පමණක් මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන් 17,046ක් තහවුරු වී ඇති අතර මරණ සංඛ්‍යාව 334ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මීට පෙර ඔස්ට්‍රේලියාව තුළ වැඩිම දෛනික මරණ මරණ සංඛ්‍යාව 21ක් වූ අතර, එය පසුගිය සතියේ ළඟා විය.