මෛත්‍රී පාස්කු විමර්ශන අංශයට කැඳවෙයි

Picture of අසංක

අසංක

 

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයාබලන ජනපති කොමිසමේ විමර්ශන අංශය හමුවේ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබන 26 වැනිදා පෙනීසිටින ලෙස දැනුම් දී තිබේ.

පාස්කු ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධයෙන් ලද අනතුරු ඇඟවීමේ බුද්ධි තොරතුර සම්බන්ධයෙන් දීර්ඝ ලෙස හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතය.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහු ජනපතිවරයාව සිටි සමයේ ගත් ක්‍රියාමාර්ග ගැන ද මෙහිදී ප්‍රශ්න කෙරෙනු ඇත.

හිටපු ජනාධිපතිවරයාගෙන් කොමිසම එම ප්‍රකාශ සටහන් කරගනු ලබන්නේ හිටපු ආරක්ෂක ඇමතිවරයා වශයෙනි.

එවකට ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතා ද කොමිසමේ විමර්ශන අංශයට අද (17) කැඳවා තිබේ.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ නීතිය හා සාමය හිටපු ඇමති සාගල රත්නායක මහත්වරුන් කොමිසමේ විමර්ශන අංශයට ලබන 21 කැඳවා තිබේ.