මාස 4ක් තුළ නිවාස 14000ක් අවසන් කිරීමට රජයේ සැලසුමක්

Picture of අසංක

අසංක

 

නිවාස නොමැති පවුල් 14000 ක් සඳහා ඉදිරි මාස 04 තුල නිවාස 14,000 ක් ඉදිකර අවසන් කිරීමට රජය සැලසුම් කර ඇත.

ඔබට ගෙයක් – රටට හෙටක්’’ නිවාස ව්‍යාපෘතිය යටතේ මෙම ඉදිකිරීම් සිදුකරන බව ග‍්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මාධ්‍ය වෙත පැවසීය .

කොවිඩි – 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙම නිවාස ව්‍යාපෘතිය ඇනහිට තිබූ අතර එම කටයුතු යළි ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද රාජ්‍ය අමාත්‍යයා මෙහිදී පැවසීය

ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ නියැලෙන පාර්ශව සඳහා පහසුකම් සැපයීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ද රජයේ අවධානය යොමුව ඇති බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය .