රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්මතයි

Picture of අසංක

අසංක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (21) පාර්ලිමේන්තුවේ දී සම්මත වෙයි.

අද (21) උදෑසන සිට නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය පැවැත්විණ.

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක මහතා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙය ඉදිරිපත් කර තිබුණි.

ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේ දී සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේ ය.