නවතම පුවත්

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ ලාංඡන පැළඳවීම

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව සාර්ථකව අවසන් කළ එම බලඝණයේ 27 වන බඳවා ගැනීමට අයත් නිලධාරින් තිදෙනෙකු (03) සහ නාවිකයින් විසි නවදෙනෙකු (29) හට ලාංඡන පැළඳවීමේ උත්සවය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් 2020 සැප්තැම්බර් 10 වන දින ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පැවැත්විණි.

ඉතාමත් විචිත්‍රවත් ලෙස පැවැත් වූ මෙම ලාංඡන පැළඳවීමේ උත්සවය, විශේෂ යාත්‍රා බලඝණයේ හැකියාවන් සහ දක්ෂතාවයන් විදහා දැක්වෙන අලංකාරවත් සංදර්ශනයන්ගෙන් ද සමන්විත විය. මෙම පුහුණුව තුළ සුවිශේෂි කුසලතා දැක් වූ නාවික පුද්ගලයන් හට කුසලාන ප්‍රදානය, නාවික හමුදාධිපතිතුමන් වසින් සිදු කළ අතර, එහිදී අතිශූර සාමාජිකයා සහ සියළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් සාමාජිකයා ලෙස උප ලුතිනන් ජේඒඩීසී ජයනායක ද, දක්ෂතම වෙඩික්කරු සහ දක්‍ෂතම ක්‍රීඩකයා වශයෙන් උප ලුතිනන් එම්ආර්එච් පෙරේරා ද, හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සාමාජිකයා වශයෙන් සාමාන්‍ය නාවික ඩබ්එම්ඩීඩී දිසානායක ද නාවික හමුදාධිපතිතුමන් වෙතින් කුසලාන හිමිකර ගන්නා ලදි.

මෙම උත්සව අවස්ථාවේදී පුහුණුව අවසන් කළ නාවික පුද්ගලයින් ඇමතූ නාවික හමුදාධිපතිතුමන්, “විකුමැතියට භාග්‍ය ප්‍රසාදනිය වේ”යන ආදර්ශ පාඨය තේමා කර ගනිමින් මාතෘ භූමියේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් විශේෂ යාත්‍රා බලඝණය නිරන්තර සූදානමින් සිටින බවත්, දශක තුනක් පුරා රටේ පැවති ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම උදෙසා විශේෂ යාත්‍රා බලඝණය විශාල කාර්යභාර්යක් සිදු කර ඇති බවත්, සෑම විටම මනා පුහුණුවකින් සහ උසස් විනයකින් යුක්තව ඕනෑම හදිසි අවස්ථාවකදී ගුවන, දියඹ සහ දෙරණ ජය  ගැනීමට හැකි දැඩි මානසික හා ශාරීරික ශක්තියකින් කටයුතු කිරීමේ හැකියාව මෙම බලඝණය සතු වන බවත් ප්‍රකාශ කරන ලදි.

තවද මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිනිය, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, විශේෂ යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරි, නාවික හමුදා මුලස්ථානය සහ නැගෙනහිර නාවික විධානය නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ නිලධාරීන්, පුහුණුව අවසන් කළ නාවික පුද්ගලයින්ගේ දෙමව්පියන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා