අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් සදුදා දිනයේ පැවැත්වෙන මහජන දිනය Online ක්‍රමයට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් ජනතාවට අධිකරණ අමාත්‍යාංශයට පැමිණිමට ඇති අපහසුතාවය පිළිබදව සළකා බලා මෙම පියවර ගෙන ඇත.
මෙහි සදහන් සබැදිය (LINK) https://bit.ly/3lIBFgp වෙත පිවිස ලියා පදිංචි වී පවතින ගැටලු ඉදිරිපත් කළ යුතුය.
අධිකරණ අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moj.gov.lk වෙත
පිවිසීමෙන් ද අදාළ සබැදිය වෙත පිවිසීමේ හැකියාව තිබේ.
සදුදා දිනයේ පැවැත්වෙන මහජන දිනයට අදාළව අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට ඇති ගැටලු ඉරිදා දින පස්වරු 6 වන විට යොමුකළ යුතු බව අමාත්‍යාංශය දන්වා සිටියි.