ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 11කට ජපානයෙන් තහංචි

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ රටවල් 11ක වැසියන්ට ජපානයට ඇතුළුවීම අද (14) සිට තාවකාලිකව අත්හිටුවීමට එරට රජය තීරණය   කර ඇත.

කොවිඩ් -19 වසංගත ව්‍යාප්තිය හමුවේ එරට දේශසීමා ප්‍රතිපත්තිවල වෙනසක් ඇති කරමින් ජපන් රජය මෙම තහනම පනවා ඇති බව වාර්තාවේ

ඒ අනුව ශ්‍රී ලංකාවට අමතරව , තායිවානය, තායිලන්තය, හොංකොං, සිංගප්පුරුව,මැලේසියාව, වියට්නාමය, දකුණු කොරියාව සහ චීනය ඇතුළු රටවල්වල ජනතාවට ද ජපානයට ඇතුළු වීම තහනම් කරනු ලැබ ඇත.

කෙසේ වුවද ව්‍යාපාරික සංචාරකයින් සඳහා ජනවාරි 31 දක්වා එම තහනම අදාළ නොවේ .