කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (24) උදෑසන විජේරාම පිහිටි නිල නිවසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
කොවිඩ්-19 අභියෝගය හමුවේ ලබන 09 වැනිදා පාර්ලිමේන්තු සභාවාරය ආරම්භය සම්බන්ධව අග්‍රාමාත්‍යවරයා සහ කතානායකවරයා අතර මෙහිදී සුහද සාකච්ඡාවක් පැවැත්විණි.
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පාර්ලිමේන්තුවේ කටයුතු නිසියාකාර පවත්වාගෙනයාම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී කතානායකවරයාගේ අවධානය යොමු කළේය.