කොළඹ කොවිඩ් අවදානම ඉහළයාම ගැන බලධාරීන් පැහැදිලි කලයුතුයි – GMOA

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් අවදානම හදිසියේ ඉහළ යාමට  හේතුව බලධාරීන් විසින් හෙළිකළ යුතු බව  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී .

එම සංගමයේ සංස්කාරක හරිත අළුත්ගේ මහතා සඳහන් කරන්නේ ඊයේ දින වාර්තා වු කොවිඩ් 19 ආසාදිතයින් 843දෙනා අතුරින් 480ක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවත් එය අසාමාන්‍ය වැඩිවීමක් බවත්ය ..

මේ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ  අලුත්ගේ මහතා මෙසේද පැවසීය .

”මෙම 480න් 200-250කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙන්නේ කොළඹ මහ නගර සභා සීමාව ඇතුළේ. විශේෂයෙන් නාරාහේන්පිට 29ක්,මරදානෙන් 20ක්,ග්‍රෑන්ඩ්පාස් 15ක්,මට්ටක්කුලිය 15ක්,කොටුව ආශ්‍රිතව 11ක් වගේ ලොකු ප්‍රමාණවලින් කොළඹ නගර සභා සීමාව තුළින් නැවත වාර්තා වෙලා තිබෙනවා. ඒ අනුව සමස්ත රෝගීන්ගෙන් 50%කට වැඩි පිරිසක් කොළඹින් වාර්තා වෙලා තියෙන්නේ. ඒවගේම කොළඹ දිස්ත්‍රික්කයේ අනෙක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බහුතරයක රෝගීන් වාර්තා වෙලා තිබෙනවා.

මෙලෙස කොළඹ දිස්ත්‍රික්කය තුළ හිටිගමන් රෝගීන් වැඩිවෙන්න හේතුව බලධාරීන් විසින් පැහැදිලි කළ යුතුයි, තත්ත්වය නරක අතට හැරෙමින් තිබෙන බවට වන හොඳම සාධකය වන්නේ ඊයේ දිනයේදී රෝහල්වලින් සුවකර නිවෙස් කරා යොමුකරන අය 423ක් දක්වා අඩු වී තිබීමයි . මෙම තත්ත්වය මත අමතර 420ක වගේ බරක් පද්ධතියට එක් වී තිබෙනවා”