රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට කොරෝනා එන්නත , සති අන්තයේ

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා මර්දන, එන්නත්කරණ කටයුතු සිදුකරනු ලැබූ ප්‍රදේශවල එන්නත ලබා නොගත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා එළඹෙන සති අන්තයේ එම වැඩසටහන ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටී .

. අද දිනයේද බස්නාහිර පළාත තුළ අවදානම් ප්‍රදේශවල එන්නත් ලබාදීමේ කටයුතු සිදු කෙරෙන අතර .ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, ගොතටුව, මොරටුව, එගොඩඋයන හා හංවැල්ල යන ප්‍රදේශවල මෙම එන්නත ලබාදීමේ කටයුතු සිදුකෙරන බවද  සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය ..

කළුතර දිස්ත්‍රික්කයේ අඟලවත්ත, බණ්ඩාරගම, පානදුර, හොරණ හා මතුගම සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, අත්තනගල්ල, මීගමුව, සීදුව, මහර, බියගම, වත්තල, මිනුවන්ගොඩ, මීරිගම, රාගම, ජා-ඇල, කැලණිය, කටාන, දිවුලපිටිය හා දොම්පේ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල තෝරාගත් ග්‍රාමසේවා නිලධාරි වසම්වල ද අද එන්නත් ලබාදීමේ කටයුතු සිදු කෙරෙ.