පාස්කු ප්‍රහාරය හා ජාතික ආරක්ෂක සභා වාර්තා ගැන බලන්න ජනපති කමිටුවක්

Picture of අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන්‌ සභා වාර්තාවේ සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත්‌ කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවේ
ඇතුළත්‌ කරුණු, නිර්දේශ ගැඹුරින්‌ අධ්‍යයනය කර ඒ පිළිබඳ ක්‍රියා කළයුතු ආකාරය වාර්තා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කමිටුවක්‌ පත්‌ කරයි.

අමාත්‍ය චමල්‌ රාජපක්ෂ මහතා කමිටු සභාපති ධූරයට‌ නම්‌ කරනු ලැබ සිටී.

ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ්‌ පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන යන
අමාත්‍යවරු සෙසු සාමාජිකයෝ වෙති.

ජනාධිපති කොමිෂන්‌ සභා වාර්තාවේ හා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තා‌ ජනාධිපති කාර්යාලය චීසින්‌ කමිටුවට යොමු කරනු ලැබේ.

කමිවුවේ කාර්යයන්‌ සඳහා පහසුකම්‌ සැලසීම ඇතුළු සෙසු කළයුතු මෙයෙහවීම් සඳහා කමිටු ලේකම්‌ ධූරයට‌ ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්‌ (නීති) හරිගුප්තා රෝහණධීර මහතා පත්‌ කර තිබේ.

කමිටු වාර්තාව 2021 මාර්තු 15 දිනට පෙර ඉදිරිපත්‌ කරන ලෙස උපදෙස්‌ දී ඈත.