නවතම පුවත්

අලුත් කොවිඩ් ප්‍රභේදයේ රෝග ලක්‍ෂණ මෙන්න

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට තුල පැතිරෙන බවට විශ්වාස කරන නව කොවිඩ් ප්‍රභේදයේ විශේෂ රෝග ලක්ෂණ කිහිපයක් දකින්නට ලැබෙන බව ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කර සිටි.

මිට පෙර කොවිඩ් වෛරසය ව්‍යාප්තියේදී ආසාදිතයින්ගෙන් වාර්තා වූ උගුරේ වේදනාවට පෙර නව ප්‍රභේදය හේතුවෙන් රෝගීන්ට නියුමෝනියා තත්ත්වය ඇතිවන බවද  විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කර සිටි

මේ හේතුව නිසා රෝගීන්ට ශ්වසන අපහසුකම් ඇතිවී රෝගී තත්ත්වය උත්සන්න වන තෙක් ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් නොදැනුවත්ව සිටින බවයි ඔහු සඳහන් කර සිටියේය . මේ හේතුව නිසා ජනතාව වඩාත් ප්‍රවේශම් විය යුතු බවත් රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් පසු ප්‍රතිකාර කිරීම අපහසු බවයි ඔහු සඳහන් කර සිටියේ.

එමෙන්ම විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වැඩිදුරටත් සඳහන් කර සිටියේ යම් කිසි කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගනු ලැබූ පුද්ගලයෙකු සිටින පවුලේ සාමාජිකයෙකු වේවා, එසේත් නොමැතිව ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශයක ජිවත්වන පුද්ගලයෙකු නම් ඔබ සතු රෝග ලක්ෂණ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවීම ඉතා වැදගත් බවයි

යම් අයුරින් හුස්ම ගැනීමේ අපහසුතාවයක් තිබෙනවානම්, 1 සිට 10 දක්වා ගණන් කරන කාල සීමාව දක්වා එක දිගට හුස්ම රඳවා ගෙන සිටීමේ අපහසුකම් තිබෙනවානම්. කතා කරනා විට හතියක් එනවානම් වහාම වෛද්‍ය උපදෙස් පැතීම සිදුකළ යුතු බවයි ඔහු සඳහන් කර සිටියේ.මුලික අවස්ථාවේදී වෛද්‍ය උපදෙස් පැතීම මගින් රෝගය උත්සන්න වී දැඩි සත්කාර ඒකකයට යාමට තිබෙන ඉඩකඩ අවම කර ගැනීමට හැකියාව ලැබෙන බවත් යම් හෙයකින් රෝගය උත්සන්න වන තෙක් සිටීම මගින් ප්‍රතිකාරයක් පවා ලබා ගැනීමට නොහැකි තැනට පත්විය හැකි බවත්  විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන අවධාරණය කර සිටියේය .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා