ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයින් හට සිය රටට ඇතුළු වීම තහනම් කිරීමට බව සිංගප්පූරු රජය තීරණය කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාව , බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය යන රටවල සංචරය කර ඇති පිරිස් සදහා මෙම තහනම පනවා ඇත
සිංගප්පූරුවේ කොවිඩ් 19 බහු අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය විසින් ඊයේ (30) තහනම පනවා ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී
පසුගිය දින 14 ආවරණය වන ආකාරයෙන් ලංකාව ඇතුළු ඉහත කී රටවල ගත කර ඇති සියල්ලන් හට මේ අනුව හෙට(02 ) සිට සිංගප්පූරුව වෙත පැමිණීම තහනම් වන අතර මෙම රටවල සංක්‍රාන්ති (transit) සඳහා දිගුකාලීනව හා කෙටිකාලීනව කාලය ගත කළ අයට ද මෙම නියමය වලංගු වනු ඇත.
සිංගප්පූරු බලධාරීන්ගෙන් පූර්ව ප්‍රවේශ අනුමැතිය ලබා ගත් අයට ද එය අදාළ වන බව එරට රජය කියා සිටී.
.