ක්‍රිකට් සභාපතිධූරය නැවතත් ෂම්මි සිල්වාට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී හිටපු සභාපති ෂම්මි සිල්වා මහතා 2021 සිට 2023 දක්වා වසර දෙකක කාලයකට නැවතත් ක්‍රිකට් සභාපති ලෙස පත්ව තිබේ. අද දිනයේ ZOOM තාක්ෂණය ඔස්සේ නිළවරණය පැවැත්විය.

මෙම තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

මෙහිදි සභාපතිධූරයට පත්වූ ෂම්මි සිල්වා මහතා අදහස් දැක්වීය

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සභාපතිවරයා ලෙස මාව තෝරා පත්කර ගැනීම ගැන මම ස්තූතිවන්ත වෙනවා. ක්‍රීඩාවේ දියුණුව සඳහා මගේ පෙර පරිපාලනය විසින් සිදුකරන ලද විශිෂ්ට සේවය අපගේ පාර්ශවකරුවන් තේරුම් ගෙන ඇති බව මෙම ජයග්‍රහණය මගින් සනාථ වෙනවා” යැයි ඔහු පැවැසීය.