වේගයෙන් අහසට නැගෙන ගඳ ගහන කතාවක්

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

කටුනායක ගුවන්තොටුපලෙන් පිටතට පැමිණ මෙරටට ඇතුළු වන සංචාරකයන් අධිවේගී මාර්ගය හරහා කොළඹට එන ගමනේ පළමු අවස්ථාවේදීම රට පිළිබද දැනෙන්නට සලසා ඇත්තේ අසුන්දර අත්දැකීමකි.

ඊට හේතුවී ඇත්තේ මුතුරාජවෙල කසළ අංගනය සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොලේ දැඩි කසළ දුර්ගන්ධයයි.

බ්ලූමැන්ඩල් සහ මීතොටමුල්ල කසළ කදු පරයමින් මුතුරාජවෙල කසළ කන්ද ගොඩනැගෙමින් පවතී.

මෙම කසළ කන්දෙන් මතුවන ඉවසාගත නොහැකි තරමේ දැඩි දුර්ගන්ධය හේතුවෙන්අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා ඕනෑම අයකු දැඩි අපහසුතාවට පත්වේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙලෙදපොළෙන් මතුවන දුර්ගන්ධය ද ඊට නොදෙවනි වන අතර කොළඹට ඇතුළුවනවිටම සංචාරකයන්ට මේවා අත්විදින්නට සිදුවීම කිසිසේත් යහපත් තත්ත්වයක් නොවන අතර මෙම පිළිකුල් අත්දැකීම මෙරටට ලැබෙන සංචාරක ආකර්ෂණයට ද දැඩි බලපෑමක් ඇතිකරලන්නකි.

විධිමත් පරිදි කසළ බැහැර නොකිරීම මෙම තත්ත්වයට හේතුවී තිබේ.