නවතම පුවත්

ලාභදායි චීන වෙළදපොළට පිවිසීමට ශ්‍රී ලාංකිකයන්ට අන්තර්ජාලය ඔස්සේ අවස්ථාවක්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලාභදායී චීන වෙළඳපොළට පිවිසීමට අපේක්ෂා කරන ශ්‍රී ලංකා අපනයනකරුවන් සඳහා මාර්ගගත වේදිකාවක් හදුන්වා දීමට බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබේ. සීමාසහිත හයිරොං ටෙක්නොලොජි සමාගමේ ද සහය ඇතිව එහි මූලික ආරම්භයක් ලෙස ආයෝජන ප්‍රවර්ධන සම්මන්ත්‍රණයක් ඉකුත් 11 වනදා පැවැත්විණ. ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථාවන් ගවේෂණය කිරීම සඳහා මෙම වේදිකාව මඟින් අනාගත ආයෝජකයින් දිරිමත් කරනු ඇත. තානාපති ආචාර්ය පාලිත කොහොන සහ සීමාසහිත හයිරොං ටෙක්නොලොජි හි සාමාන්‍යාධිකාරී ජෝන් පෑන් මහතා විසින් මෙම වේදිකාව නිල වශයෙන් දියත් කරන ලදි.

චීනයේ රාජ්‍ය හිමිකාර ව්‍යාපාරවල සභාපතිවරුන් සහ පෞද්ගලික සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් මෙහි ආරාධිතයින්ට ඇතුළත් විය.

ආයෝජන සඳහා පළමු තේරීම ලෙස ශ්‍රී ලංකාව පිළිබඳව සලකා බලන ලෙස තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා ආයෝජකයින්ට ආරාධනා කළේය. දේශපාලන ස්ථායිතාව, වසංගතය පාලනය කිරීම පිළිබඳ සාපේක්ෂ වශයෙන් වඩාත් හොඳ ක්‍රියාකාරිත්වය සහ එන්නත ලබා දීමේ ක්‍රියාවලිය ආයෝජකයින්ගේ විශ්වාසය දිරිගැන්විය යුතු මෑත කාලීන වර්ධනයන්ගෙන් සමහරක් බව එතුමා පැවසීය.රජයේ බදු ප්‍රතිපත්තිය, විශේෂයෙන් ආයතනික බදු, ආයෝජන ආරක්ෂාව සඳහා වන නීතිමය සහතික ආදිය එතුමා පැහැදිලි කළේය. කොළඹ වරාය නගරය, හම්බන්තොට කාර්මික කලාපය, එරාවූර් රෙදිපිළි උද්‍යානය සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් නිදහස් වෙළඳ කලාපයන්හි පවතින නව අවස්ථා පිළිබඳව සලකා බලන ලෙස ආචාර්ය කොහොන මැතිතුමා විශේෂයෙන් අනාගත ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටියේය.

සීනෝෆාම් එන්නත සමඟ ශ්‍රී ලංකාවේ ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කර ඇති එන්නත් කිරීමේ වැඩසටහනත් සමඟ වසංගතය පාලනය කිරීමට හැකි වනු ඇතැයි එතුමා විශ්වාසය පළ කළේය. ශ්‍රී ලංකාව සෞඛ්‍ය ප්‍රොටෝකෝලයන්ට යටත්ව සංචාරකයින් පිළිගනු ඇතැයි තානාපතිවරයා පැවසීය.

තානාපතිවරයාගේ කතාවෙන් අනතුරුව ශ්‍රී ලංකා සංචාරක කටයුතු පිළිබඳ වීඩියෝ දර්ශන ප්‍රදර්ශනය කරන ලදි.

චයිනා මෙටලර්ජිකල් ගෲප් (MCC) හි උප සභාපති ෂු ෂියැංචුන් මහතා සහ හයිරොන්ග් ටෙක් හි සාමාන්‍යාධිකාරී ජොන් පෑන් මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ. ඔවුහු ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම පිළිබඳ අත්දැකීම් බෙදාහදා ගත්හ.

ඉන් අනතුරුව, තානාපතිවරයා සහ ශ්‍රී ලංකාව පිළිබඳ පළපුරුද්ද සහිත චීන ව්‍යවසායන්හි ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් විසින් ප්‍රශ්නෝත්තර සැසියක් පවත්වන ලදි. මෙම ප්‍රශ්නෝත්තර සැසියේ දී, හයිරොන්ග් ටෙක් හි සාමාන්‍යාධිකාරී ලියෝ පෑන් මහතා සහ චීන මෙටලර්ජිකල් සමූහයේ (MCC) උප සභාපති ෂු ෂියැංචුන් මහතා ශ්‍රී ලංකාව පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම් බෙදාහදා ගත්හ. ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු, කෘෂිකාර්මික හා පුනර්ජනනීය බලශක්ති යන අංශවල විශාල ආයෝජන අවස්ථා පවතින බව ලියෝ මහතා විශේෂයෙන් අවධාරණය කළේය. ඛනිජ වැලි ක්ෂේත්‍රයේ හා කාබනික පොහොර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමෙ සඳහා පවතින හැකියාව පිළිබඳව චීන මෙටලර්ජිකල් සමූහය ගවේෂණය කරමින් සිටින බව ෂු මහතා පැවසීය. සුළං බලශක්තිය සහ සූර්ය විදුලිබල උත්පාදනය සඳහා ආයෝජනය කිරීමට උනන්දුවක් දක්වන බව හුආඩියන් සමූහයේ වැන්ග් මියාවෝයුවෑන් මහතා පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්