ගැබිණි මව්වරුන්ට නිවසේ සිට රැකියා කිරිමට අවසර!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වත්මන් කොවිඩ් තත්ත්වය හමුවේ රාජ්‍ය සේවයේ යෙදී සිටින ගැබිණි මව්වරුන් කාර්යාලයට නොකැඳවා ඔවුන්ට නිවසේ සිට සේවය කිරීමේ පහසුකම් ලබාදීමට මුදල් අමාත්‍යාංශයේ අද පැවති සාකච්ජාවේදී තීරණය කර ඇත .

මේ සම්බන්ධයෙන් වන චක්‍රලේකය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලෙක්ම්වරයා විසින් නිකුත් කිරිමට නියමිත බව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්ඖ ෂධ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා  අද පැවසීය .

මේ අතර රාජ්‍ය සේවකයින් සතියට සේවා මුර දෙකක් යටතේ සේවයට කැඳවිමට ද තීරණය කළ බවත් ඒ සම්බන්ධයෙන් වන චක්‍රලේඛය සහ උපදෙස් ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කිරිමට නියමිත බව අමාත්‍යවරයා මෙහිදී   ප්‍රකාශ කර සිටියේය .

” අදාළ රාජ්‍ය ආයතනයේ ප්‍රධානියා ගේ අභිමතය අනුව සේවකයින් කොටස් දෙකකට රැකියාවන් සඳහා ගෙන්වීමට සුදානම් කර තිබෙනවා. ඒ අනුව සඳුදා, අගහරුවාදා සහ බදාදා එක් කණ්ඩායමක් ද අනෙක් කණ්ඩායම් බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා සේවයට කැඳවන්න තිරණය කරලා තියනවා” යයිද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත්  පැවසුවේය .